කෑගල්ලේදී කප්පම්කරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් නිලධාරියෙකුට වෙඩි වදී

Thursday, 25 May 2017 - 8:34

%E0%B6%9A%E0%B7%91%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B7%80%E0%B6%AF%E0%B7%93
කෑගල්ල - හෙට්ටිමුල්ල ප්‍රදේශයේදී කප්පම්කරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පොලිස් නිලධාරියෙකු සුළු තුවාල ලබා තිබෙනවා.

ඊයේ රාත්‍රි 9 ට පමණ කෑගල්ල පොලීසියේ නිලධාරීන් පිරිසක් හෙට්ටිමුල්ල ප්‍රදේශයට පිටත්ව ගොස් ඇත්තේ කෑගල්ලේ ව්‍යාපාරිකයෙකුගෙන් කප්පමක් ඉල්ලූ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහායි.  

කප්පම්කරු අත්අඩංගුවට ගැනීමට සූදානම් වීමේදී පලා  යාමට උත්සහ කර ඇති අතර, එම අවස්ථාවේදී සිදුවූ පොර බැදීමෙන් පොලිස් පරීක්ෂකවරයෙකුගේ ගිනි අවියක් ක්‍රියාත්මක වී තිබෙනවා.

එහිදී තවත් පොලිස් නිලධාරියෙකුට වෙඩි වැදී ඇති අතර, ඔහු මේ වනවිට ප්‍රතිකාර සඳහා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

මේ අතර පලායාමට උත්සහ කළ කප්පම්කරුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු ද පොලිස් ආරක්ෂාව යටතේ කෑගල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්.

කෑගල්ල පොලිසියට පසුගිගිය 23 වනදා කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගෙන් පැමිණිල්ලක් ලැබී තිබුනේ තම දියණියට කරදර කරමින් කිසියම් පිරිසක් ලක්ෂ 30 ක කප්පම් මුදල් ඉල්ලා සිටින බවටයි.

ඔවුන් පවුලේ සාමාජිකයන් ඝාතනය කරන බවට තර්ජනය කරන බව ද පැමිණිලිකරු ප්‍රකාශකර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කෑගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශය විමර්ශණ ආරම්භ කර තිබුනා.

එහිදී හෙට්ටිමුල්ල ප්‍රදේශයට අදාළ කප්පම් මුදල වන රුපියල් ලක්ෂ 30 රැගෙන එන ලෙසට දුරකථනයෙන් කළ දැනුම්දීමකට අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයේ රාජකාරී සඳහා යොදවා තිබෙනවා.

එහිදී පැමිණිලිකරු මුදල් ලබාදෙන අවස්ථාවේදීයි පොලිසිය කප්පම්කරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත්තේ.

එහිදී පොලිස් පරීක්ෂකවරයෙකුගේ රාජකාරී ගිනි අවිය ක්‍රියාත්මක වී එම ස්ථානයේ සිටි කොස්තාපල්වරයෙකුගේ පාදයට තුවාල සිදුව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ කප්පම් ලබාගැනීමට පැමිණි තවත් සැකකරුවෙකු පළාගොස් ඇති අතර ඔහු හඳුනාගෙන ඇති බවයි.

එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට කෑගල්ල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories