කැළණි ගඟ දෙපස ජනතාවට ඉවත් වන්නැයි උපදෙස් - ආපදා පිළිබඳ දැනුම්දීමට දුරකථන අංක 3 ක්

Friday, 26 May 2017 - 11:15

%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92+%E0%B6%9C%E0%B6%9F+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%83+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+-+%E0%B6%86%E0%B6%B4%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1+%E0%B6%85%E0%B6%82%E0%B6%9A+3+%E0%B6%9A%E0%B7%8A
අයහපත් කාලගුණයෙන් විපතට පත්වූ ජනතාවට තොරතුරු ලබාදීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දුරකථන අංක 3 ක් ලබාදී තිබෙනවා.

ඒ අනුව මුහුණපා ඇති ආපදා තත්ත්වයන් සම්බන්ධයෙන් පැය 24 පුරා ක්‍රියාත්මක 0112 136 226,0112 136 136 සහ 077 395 79 00 යන දුරකථන අංකවලට දැනුම් දිය හැකියි.

මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග නෝර්ටන් බ්‍රිජ්, විමලසුරේන්ද්‍ර ජලාශ අද උදෑසන සිට වාන් දමන බව ප්‍රදේශයේ හිරු වාර්තාකරු සදහන් කළා.

ලක්ෂපාන ජලාශයේ වාන්දොරටු දෙක සහ මස්කෙළිය - කැනියොන් ජලාශයේ වාන්දොරටු දෙක ද අද උදෑසන විවෘත කෙරුණා.

එමෙන්ම, කැළණි ගග දෙපස සිටින කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ජනතාව ගංවතුර අවදානම නිසා අවධානයෙන් සිටිය යුතු බවයි කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී සදහන් කළේ.

ඒ අනුව සීතාවක, කොලොන්නාව, හෝමාගම සහ කඩුවෙල ගංවතුර අවදානම සහිත පහත්බිම්වල වෙසෙන ජනතාවට එම ප්‍රදේශවලින් ඉවත්වන ලෙසටයි මෙලෙස උපදෙස් දී ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories