රාජ්‍ය සේවකයින්ට තවත් වගකීමක් - නිවාඩු ගැනීමත් අවලංගුයි

Friday, 26 May 2017 - 12:47

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B6%BA%E0%B7%92
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ගංවතුර නිසා ජන ජීවිතයට විශාල බලපෑමක් සිදු වී තිබෙනවා.

මේ හේතුවෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සහ ආපදා තත්ත්වය ඇති වූ ප්‍රදේශවල,  දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාලවලට අනයුක්තව සේවය කරන නිලධාරින්ගේ නිවාඩු නැවත දන්වන තුරු  අවලංගු වන අතර ඔවුන් වහාම තමන්ගේ සේවා ස්ථානවලට වාර්තා කළ යුතු බව නිවේදනය කර තිබෙනවා.
 
එ අනුව යම් රජයේ නිලධාරියකු ගංවතුර බලපෑමකට ලක් වී ඇති නම්, ඔහුට රාජකාරියට වාර්තා කිරීමට නොහැකි නම්, ඔහුගේ දෙවැනි නිලධාරියා හෝ ආසන්නම නිලධාරියා වහාම ක්‍රියාත්මක වන පරිදි එම රාජකාරි ඉටු කිරීමට බැදී සිටිය යුතුයි.
 
මෙම ගංවතුර තර්ජනයට ලක් වී ඇති ප්‍රදේශවල යම් නිලධාරින්ගේ හිඟයක් ඇත් නම්, විශ්‍රාමික ඕනෑම රජයේ නිලධාරියකු සේවයට යොදවා රාජකාරි ඉටු කිරීමට අදාළ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්වරයාට බලය පැවරෙනවා.
 
මේ නිසා අවතැන්වූ ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීමටත් ඔවුන් කඳවුරු ගත කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා සියලු පහසුකම් ලබාදීමටත්, විපතට පත් මහජනතාවගේ දේපළ පොලිස් නිලධාරින් යොදවා ආරක්ෂා කිරීමටත් අදාළ අංශ වෙත ම විසින් උපදෙස් ලබාදී තිබෙනවා.
 
මෙම අවස්ථාව හදිසි අවස්වථාවක් ලෙස සලකා විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා සක්‍රීයව දායක වන ලෙස සියලූම රජයේ නිලධාරින්ගෙන් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන ඉල්ලීමක් කර තිබෙනවා.













Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories