මන්ත්‍රී නිළ නිවාස, වාහන සහ මීතොටමුල්ලේ නිවාස වෙනුවෙන් කෝටි 70 ක පරිපූරක ඇස්තමේන්තුවක්

Friday, 26 May 2017 - 18:54

%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B1%E0%B7%92%E0%B7%85+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83%2C+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%93%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+70+%E0%B6%9A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B6%9A+%E0%B6%87%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
අමාත්‍යවරුන් තුන්දෙනෙකුට සහ මුදල් අමාත්‍යාංශයට වාහන ලබා ගැනීම සහ අමාත්‍යාංශ දෙකකට මෙන්ම ආණ්ඩුකාරවරියකගේ නිළ නිවාස අලූත්වැඩියා කිරීම සඳහා රුපියල් විසිපන්කෝටි අසූලක්ෂ 50,000ක පරිපූරක ඇස්තමේන්තුවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

මෙහි විශේෂත්වය වන්නේ මෙම මුදල් සඳහා අනුමැතිය ගැනීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ද මේ වනවිටත් අදාළ මුදල් නිකුත් කර තිබීමයි.

ඊට අමතරව කෝටි 45ක තවත් පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කෙරුණේ මීතොටමුල්ල කසල කන්ද නාය යාමෙන් විපතට පත්වූවන් සඳහා ගේ, දොර උපකරණ මිලදී ගැනීම සඳහායි.

මේ අතර, දැනට ඇති වී ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සම්බන්ධයෙන් ද අද පාර්ලිමේන්තුවේදී අවදානයට ලක්වුණා.

පක්ෂ නායක රැස්වීමක් සඳහා පාර්ලිමේන්තුව කල් තැබීම ද සිදුවූ අතර, පස්වරු 2ට අද දිනයේ වැඩ කටයුතු අවසන් කෙරුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories