අයහපත් කාලගුණය තවදුරටත් - ශ්‍රී ලංකාවේ ආපදා තත්ත්වය ගැන ඉන්දියාවේ කණස්සල්ල

Saturday, 27 May 2017 - 11:24

%E0%B6%85%E0%B6%BA%E0%B7%84%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%86%E0%B6%B4%E0%B6%AF%E0%B7%8F+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD
නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වය දිවයින හරහා සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ස්ථාපිත වී ඇති නිසා සුළං තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයින හරහා විටින් විට හමන පැයට කිලෝමීටර් 50ත්, 60ත් අතර තරමක් තද සුළං බලාපොරොත්තු වන බවත්, වැසි ඇති වන අවස්ථාවලදී සුළෙඟ් වේගය තවදුරටත් ඉහළ යා හැකි බවත් එමගින් සඳහන් කළා.

කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය, මඩකලපුව සහ හම්බන්තොට හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 60ත්, 70ත් අතර සුළෙඟ් වේගය විටින් විට වැඩි විය හැකි බව එම දෙපාර්තමේන්තුව තවදුරටත් කියා සිටියා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ ජල ගැලීම් සහ නාය යාම් හේතුවෙන් ජීවිත හා දේපළ හානි සිදුවීම පිළිබදව ඉන්දියාව කණස්සල්ලට පත්වන බවයි.

මෙම අවස්ථාවේ ශ්‍රී ලාංකික සොහොයුරු සොහොයුරියන් වෙනුවෙන් ඉන්දියානු ජනතාව පෙනී සිටින බවත්, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියා.

එමෙන්ම සහනාධාර රැගත් නෞකා ශ්‍රී ලංකාව වෙත පිටත් කර යැවූ අතර, ඉදිරියේදී තවදුරටත් සහනාධාර ලබාදීමට සූදානම් බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන්.

අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් අපේම සහෝදර ජනතාවට සහන සැලසීම උදෙසා අපේම මිනිසුන් සමඟ එක්ව දියත් කෙරෙන ‘‘රට වෙනුවෙන් හිරු’’ සහන යාත්‍රා ව්‍යාපෘතිය දැන් ක්‍රියාත්මකයි.

ගං වතුර සහ නාය යෑම් හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා හැකි පමණ දායකත්වයක් ලබාදෙන ලෙස ඔබෙන් ඉල්ලීමක් කෙරෙනවා.

වියළි ආහාර ද්‍රව්‍ය සහ පානීය ජල බෝතල් නුගේගොඩ - නාවල පාරේ අංක 156න් දෙක දරණ ස්ථානයේ පිහිටි හිරු විශේෂ ආධාර එක්රැස් කිරීමේ මධ්‍යස්ථානයට භාර දිය හැකියි.

වැඩි විස්තර සඳහා 0114799770 හෝ 0773035926 දුරකථන අංක අමතන්න.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories