මාර්ග රැසක ගමනාගමනයට තවදුරටත් බාධා - විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලිසියෙන් උපදෙස්

Saturday, 27 May 2017 - 15:22

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F+-+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A
පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් තවදුරටත් ජලයෙන් යටවී පවතිනවා.

මේ හේතුවෙන් එම මාර්ග මගහැර විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි පොලිසිය රියදුරන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මේ වනවිටත් දැඩි බලපෑම් එල්ල වී තිබෙන්නේ මාතර, ගාල්ල, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලටයි.

නිල්වලා ගග පිටාර ගැලීම හේතුවෙන් මාතර, දිස්ත්‍රික්කයේ පහත් බිම් රැසක් ජලයෙන් යටවී තිබෙනවා.

මාතර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 11 දෙනෙකු මියගොස් 17 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක කියා සිටියේ.

එම තත්ත්වය තවදුරටත් ඉහළ යා හැකි බව ද ඔහු සදහන් කළා.

දිස්ත්‍රික්කයේ ගංවතුරෙන් යටවූ ප්‍රදේශවල සිරවී සිටින පිරිස් මුදා ගැනීමේ මෙහෙයුම් අඛන්ඩව ක්‍රියාත්මක වනවා.

එසේම, මාතර - අකුරැස්ස, අකුරැස්ස - පිටබැද්දර මෙන්ම, කඹුරුපිටිය - මාකදුර යන ප්‍රධාන මාර්ගවල ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් මේ වනවිට පුද්ගල මරණ 8 ක් වාර්තා වනවා.

එසේම, 13 දෙනෙකු අතුරුදන්ව සිටින අතර, පුද්ගලයන් පුද්ගලයින් එක්ලක්ෂ 42,149 දෙනෙකු ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින බවයි වාර්තා වන්නේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ ගිං ගග අවට පහත් බිම් රැසක් ද ජලයෙන් යටව තිබෙනවා.

නෙළුව - දෙල්ලව සහ නෙළුව - මොරවක මාර්ග මෙන්ම නෙළුව - උඩුගම මාර්ගය ද ජලයෙන් යටවී ඇති අතර, එම මාර්ගවල වාහන ගමනාගමනය දැනට සිදුවන්නේ නැහැ. ගිං ගඟේ පහළ කොටසේ බද්දේගම අවට ප්‍රදේශ රැසක් ද ජලයෙන් යටවී තිබෙනවා.

එසේම, මාපලගම අවට ජලයෙන් යටවූ ප්‍රදේශවල ඇතැම් පිරිස් තවමත් සිරවී සිටින බව අප වාර්තාකරුවන් සදහන් කළා.

කළු ගඟ පිටාර ගැලීම සහ නායයාම හේතුවෙන් දැඩි ආපදා තත්ත්වයක් වාර්තා වූ රත්නපුර දිස්ත්‍රික්කයෙන් මේ වනවිට පුද්ගල මරණ 51 ක් වාර්තා වී ඇති අතර, රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම ප්‍රකාශ කළා.

රත්නපුර නගරය මෙන්ම අයගම, කලවාන, නිවිතිගල, කිරිඇල්ල, ඇලපාත ආදී ප්‍රදේශ තවමත් ජලයෙන් යට වී තිබෙනවා.

එසේම, ඇහැලියගොඩ, නිවිතිගල, කලවාන යන ප්‍රදේශවල නාය යාම් කිහිපයක් වාර්තා වුණා.

කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගය රත්නපුර නගරයෙන් මේ වනවිට අවහිර වී ඇති අතර, අවිස්සාවේල්ල - කරවනැල්ල - යටියන්තොට හරහා එම මාර්ගයේ ගමන් කරන වාහන වලට ගමනාන්ත වෙත ළඟා විය හැකි බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

එසේම, ගංවතුර සහ නායයාම් වලින් බලපෑම් එල්ල වූ කළුතර දිස්ත්‍රික්කයෙන් මරණ 42 ක් සහ අතුරුදන්වීම් 68 ක් වාර්තා වී තිබෙනවා.  

පස් කඳුවලට යට වී සිටින පුද්ගලයන් සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකෙරෙන අතර කළු ගඟේ පහළ කොටස් තවමත් ගංවතුරට හසුව ඇති බවයි ආපදා කළමනාකරණ අංශ සදහන් කළේ.

කැළණි ගග පිටාර ගැලීම හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පහත් බිම් රැසක් ජලයෙන් යටවුණා.

ගග දෙපස අවිස්සාවේල්ල, හංවැල්ල, කඩුවෙල, බියගම, කැළණිය ඇතුලූ ප්‍රදේශ රැසක එම තත්ත්වය පවතිනවා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories