update: දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම ජල මට්ටම ඉහළට (ඡායාරූප)

Saturday, 27 May 2017 - 15:56

update%3A+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AB+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%93+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%BD%E0%B6%AB%E0%B7%92%E0%B6%9C%E0%B6%B8+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%B8%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%B8+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල සිට කඩවත දෙසට ගමන් කිරීමේදී දොඩම්ගොඩ සහ ගැලණිගම අතර පැවති ගංවතුර තත්වය කඩවත සිට ගාල්ල දෙසට ගමන් කරන මංතීරුව දක්වා ද ව්‍යාප්ත වී තිබෙනවා.

මේ හේතුවෙන් ගැලණිගම සිට දොඩංගොඩ දක්වා පමණක් මාර්ගය වසා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම තත්වය මත  කඩවත සිට පැමිණෙන වාහන ගැලිගමින් පිටවිය යුතු වන අතර මාතර සිට පැමිණෙන වාහන දොඩංගොඩ පිවිසුමෙන් පිටවිය යුතු බව පොලිසිය නිවේදනය කළා.

Saturday, 27 May 2017 - 20.26
------------------------------------------------------------------------
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ දොඩම්ගොඩ අතර කොටසක් ජලයෙන් යටවීම නිසා වේගය පාලනය කර ගන්නා ලෙස එහි මෙහෙයුම් ඒකකය රියදුරන්ගෙන් ඉල්ලීමක් කළා.

එමෙන්ම මෙම තත්වය හේතුවෙන් දොඩංගොඩ පිටවීමේ දොරටුවෙන් පිටවී කලුතරට පැමිණ පානදුර / බණ්ඩාරගම හරහා ගැලණිගම පිවිසුමෙන් යළිත් අධිවේගී මාර්ගයට ඇතුලුවී කඩවත දෙසට ගමන් කළ හැකි බවයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර ගොඩගම පිටවීම් දොරටුවෙන් අකුරැස්ස දෙසට කිසිදු වාහනයක් ගමන් කළ නොහැකි අතර මාතර දෙසට බස් රථ සහ ලොරි පමණක් පිටවීම සිදුකළ හැකි බවයි පොලිසිය සඳහන් කළේ.

එබැවින් මාතර ගොඩගම පිටවීමේ දොරටුවෙන් පිටවීමට යන මෝටර් රථ සහ වෑන් රථ ඉමදුව පිටවීමේ දොරටුවෙන් පිටවී මාතර දෙසට ගමන් කළ යුතු වනවා.

මීට අමතරව වැලිවැන්න පිටවීමේ දොරටුවෙන් අලුත්ගම දෙසට රථ වාහන ගමන් කළ හැකි අතර මතුගම දෙසට ධාවනය කළ නොහැකි බව ද පොලිසිය සඳහන් කළා.

එමෙන්ම, අධික වර්ෂාව හේතුවෙන් තවදුරටත් මාර්ග කිහිපයක් ජලයෙන් යටව පවතින බව පොලිස් මූලස්ථානය පවසනවා.

ඒ අනුව විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි ඔවුන් රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

මේ වනවිට කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයේ රත්නපුර නගරයෙන් අඩි 6 ක් පමණ ජලයෙන් යටවී තිබෙනවා.

මේ අතර, මාතර - අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ - මාලිම්බොඩ, අමලගොඩ හන්දිය සහ අකුරැස්ස - පිටබැද්ද මාර්ග ජලයෙන් යටවී වාහන ගමනාගමන සම්පූර්ණයෙන් ඇණ හිට ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

එමෙන්ම, නෙළුව - දෙල්ලව සහ නෙළුව - මොරවක, නෙළුව - උඩුගම මාර්ග ද ජලයෙන් යටවී තිබෙනවා.

වැලිපැන්න අධිවේගී මාර්ග පිවිසුම අසල අළුත්ගම - මතුගම මාර්ගය කොහිලවල ප්‍රදේශයෙන් ජලයෙන් යටවී ඇති අතර, කළුතර හොරණ - පනාපිටිය ඇළ අසල මාර්ගය ද සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇති බව ද සදහන්.



ඡායාරූප - බණ්ඩාරගම බිමල් ශාමේන්


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories