update: ආපදා මරණ 120 දක්වා ඉහළට - ලක්ෂ 4 කට පීඩා

Saturday, 27 May 2017 - 19:20

update%3A+%E0%B6%86%E0%B6%B4%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+120+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7+-+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+4+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B7%8F
දිස්ත්‍රික් රැසකට පවතින ආපදා තත්වය හමුවේ ජල ගැලීම් සහ නායයාම් හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 120 ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ලක්ෂ 4 කට වැඩි පිරිසක් පීඩාවට ලක්ව ඇති බවයි.

Saturday, 27 May 2017 - 21.16
-------------------------------------------------------------
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 119 දෙනෙකු මියගොස් තවත් 150 කට වැඩි පිරිසක් අතුරුදන් වී සිටින බව ආපදාවට පත්වූ ප්‍රදේශවල දිස්ත්‍රික් ලේකම්වරුන් හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළා.

තුන්ලක්ෂ 48,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි ඔවුන්ගේ වාර්තාවල දැක්වෙන්නේ.

කෙසේ වෙතත්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ඔවුන්ට ලැබුණු වාර්තාවලට අනුව පුද්ගලයින් 103 දෙනෙකු මියගොස් තවත් 113 අතුරුදන්ව ඇති බවයි.

එසේම, දෙලක්ෂ 20,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බව එම මධ්‍යස්ථානය සදහන් කළා. දිස්ත්‍රික්ක 14 කට මෙම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බලපෑම් එල්ල වී තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories