ආපදාවට පත් පළාත්වල පාසැල් හෙටත් වැසේ

Sunday, 28 May 2017 - 8:09

%E0%B6%86%E0%B6%B4%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%9A
පවතින ආපදා තත්ත්වය සැළකිල්ලට ගෙන රත්නපුර සහ නිවිතිගල අධ්‍යාපන කලාපවල සියලූම පාසල් හෙට දිනයේ වසා දැමීමට සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.   

ඒ ප්‍රදේශයට පැවති අයහපත් කාලගුණික තත්වය හමුවේ විශාල පිරිසක් පීඩාවට පත්වීම සහ ආපදාවට පත්වුවන් පාසල්වල ද රඳවා තැබීම හේතුවෙන්.

සබරගමුව පළාත් අධ්‍යාපන ලේකම්වරයායි මේබව සඳහන් කළේ.

එමෙන්ම බස්නාහිර සහ දකුණු පළාත්වල ආපදාවට ලක්වූ ප්‍රදේශවල පාසල් හෙට දිනයේ වසා දැමීමට පියවර ගන්නා ලෙස උපදෙස් ලබාදී ඇති බව පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් පවසනවා.

පසුගිය සිකුරාදා පැවති සාකච්ඡාවකදී කඳවුරු පවත්වාගෙන යන පාසල් සහ අයහපත් කාලගුණයෙන් ආපදාවට ලක්ව ඇති පාසල් වසා දැමීමට අවශ්‍ය උපදෙස් ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලබාදුන් බවයි ඔවුන් ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories