අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 146 දක්වා ඉහළ යයි

Sunday, 28 May 2017 - 13:11

%E0%B6%85%E0%B6%BA%E0%B7%84%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+146+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 146 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ පුද්ගලයින් 112 දෙනෙකු තවදුරටත් අතුරුදන්ව සිටින බවයි.

පවුල් එක්ලක්ෂ 14,124 කට අයත් පුද්ගලයින් හාර ලක්ෂ 42,299 දෙනෙකු ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින බව එම නිවේදනයේ සඳහන්.

වැඩිම මරණ රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, එම සංඛ්‍යාව 71 ක්.

එමෙන්ම, කළුතර දිස්ත්‍රික්කයෙන් මරණ 43 ක් සහ මාතර දිස්ත්‍රික්කයෙන් මරණ 14 ක් වාර්තා වී තිබෙනවා.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 08 ක්ද, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මරණ 05 ක්ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් මරණ 03 ක් සහ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 02 වාර්තා වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.

එමෙන්ම, නිවාස 230 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, අර්ධ හානියට ලක්වු නිවාස ගණන 1701 ක්.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ පවුල් 24,603 කට අයත් පුද්ගලයින් එක්ලක්ෂ 1638 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 319 ක රඳවා සිටින බවයි.

එලෙස වැඩිම පිරිසක් අවතැන් වී සිටින්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ වන අතර, එම සංඛ්‍යාව 33,248 ක් වනවා.

එමෙන්ම, මාතර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 31,479 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 21,918 දෙනෙකු ආරක්ෂිත ස්ථානවල රඳවා සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටියේ.
 
මේ අතර කළුතර පනාපිටිය වේල්ල උතුරා යාමට ඉඩකඩ ඇති බැවින් කළුතර, පානදුර, වාද්දුව ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරන මධ්‍යස්ථානය ඉල්ලීමක් කරනවා.

මේ අතර නිල්වලා ගෙඟ් සහ ගිං ගෙඟ් ජල මට්ටම් අඩුවුවද පහත් බිම්වල අවදානම් තත්ත්වය පහව ගොස් නොමැති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වාර්තා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories