ගිං සහ නිල්වලා ගඟ හැර අනෙකුත් පිටාර ගැලූ ගංඟාවල ජල මට්ටම් මේ වන විට අඩුවෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල් ටී.පී. අල්විස් හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ කැළණි සහ කළු ගංඟාවල ජල මට්ටම පහළ යමින් පැවතිය ද අවදානම තවදුරටත් පවතින බවයි.
එමෙන්ම ගිං ගඟ පිටාර ගැලීමත් සමඟ බද්දේගම නගරයට ගං වතුර ඒම වැළැක්වීම සඳහා ඉදිකර ඇති බැම්ම කැඞී යාමේ අවදානමක් පැවතිය ද එය වැලි කොට්ට දමා පිළිසකර කර ඇති බව ද ඔහු කියා සිටියා.
කුකුළේගඟ වේල්ල කැඩී යන බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එහි සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ මේ සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කර ගත යුතු නොමැති බවයි.

Follow US
Most Viewed Stories