‘‘රට වෙනුවෙන් හිරු’’, සහන යාත්‍රා ක්‍රියාන්විතයට නන් දෙසින් ප්‍රතිචාර, ආධාර රැස් කිරීමේ රථ පෙළ අද මීගමුවෙන් ගමන් අරඹයි

Monday, 29 May 2017 - 7:31

%E2%80%98%E2%80%98%E0%B6%BB%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E2%80%99%E2%80%99%2C+%E0%B7%83%E0%B7%84%E0%B6%B1+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%2C+%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B8%E0%B7%93%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BB%E0%B6%B9%E0%B6%BA%E0%B7%92
අයහපත් කාලගුණයෙන් විපතට පත් අපේම සහෝදර ජනතාවට සහන සැලසීම සදහා ආසියානු මාධ්‍ය ජාලය ආරම්භ කළ රට වෙනුවෙන් හිරු, හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය මේ වනවිටත් අති සාර්ථකව ක්‍රියාත්මක වනවා.

ඊයේ රාත්‍රිය වනතුරුත් දිවයිනේ නන් දෙසින් පැමිණි ජනතාව, පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය සඳහා විශාල වශයෙන් ආධාර ලබාදුන් බවයි එහි සිටින අප මාණ්ඩලික වාර්තාකරුවන් සඳහන් කළේ.

ඒ අනුව ගොඩබිමින් මෙතෙක් ළඟාවිය නොහැකි ස්ථානවල සිටින විපතට පත් ජනතාවට කඩිනමින් බෙදාහැරීම සඳහා දෙවන ආධාර තොගයද අද පෙරවරුවේ ගුවන් හමුදාව වෙත භාරදීමට නියමිතයි.

මේ අතර ගොඩබිමින් මෙතෙක් ළඟාවීමට නොහැකි ස්ථානවල සිටින විපතට පත් ජනතාව වෙත කඩිනමින් බෙදාහැරීමට හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය වෙනුවෙන් ලැබුණු ආධාරවලින් පළමු ආධාර තොගය ඊයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත භාරදෙනු ලැබුවා.

ගුවනින් පමණක් ළගා විය හැකි ස්ථානවල රැදී සිටින පුද්ගලයින් සදහා ආධාර රැගෙන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා, ගමන් වාර 30කට අධික සංඛ්‍යාවක් සිදුකළේ කන්ටේනර් ගණනාවක ආධාර තොග බෙදා හැරීම සදහායි.

දුකේදීත් සැපේදීත් නිරන්තරයෙන් ඔබ වෙනුවෙන් පෙනී සිටින හිරු ටී වී සහ හිරු එෆ්.එම්. ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැළසීම වෙනුවෙන් රට වෙනුවෙන් හිරු, හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය ආරම්භ කළේ පෙරේදා දිනයේයි.

ඒ අනුව හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයේ අංක 156 න් 2 නාවල පාර, නුගේගොඩ යන ස්ථානයේ ස්ථාපිත ප්‍රධාන කාර්යාලය වෙත ලැබී තිබූ අතිවිශාල ආධාර තොගයෙන් පළමු කොටස විපතට පත් ජනතාවට කඩිනමින් බෙදාහැරීම සඳහා හිරු පිරිවර පියවර ගත්තා.

මේ අතර දිවයිනේ ප්‍රදේශ ගණනාවක් ආවරණය කරමින් ක්‍රියාත්මක රට වෙනුවෙන් හිරු, හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයේ එකතු කිරීමේ මධ්‍යස්ථාන වෙත මේ වනවිටත් විශාල වශයෙන් ද්‍රව්‍ය ආධාර ලැබෙමින් පවතිනවා.

මොරටුව - රාවතාවත්ත, භාවනා මූලස්ථානයේ පිහිටි ශ්‍රී වාචිස්සර දහම් පාසලට මෙන්ම කෝට්ටේ රජමහා විහාරයට සහ කොළොන්නාව පුරාණ රජමහා විහාරස්ථානයට ද්‍රව්‍යාධාර ගෙනවිත් භාරදිය හැකියි.

එමෙන්ම ගම්පහ - මැදගම, සිරි සුනන්දාරාමය, අත්තනගල්ල පුරාණ රජ මහා විහාරස්ථානය සහ දිවුලපිටිය - ප්‍රියදර්ශනාරාමය, හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයේ ද්‍රව්‍යාධාර රැස් කිරීමේ ස්ථාන ලෙස  ක්‍රියාත්මකයි.

කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ද හිරු සහන යාත්‍රා ව්‍යාපෘතියේ මධ්‍යස්ථාන 3 ක් ස්ථාපිත කර තිබෙනවා.

ඒ අනුව, කුරුණෑගල - පාදෙණිය රජමහා විහාරය, නිකවැරටිය - කොටවෙහෙර ශ්‍රී ජිනරතන සදහම් සෙවණ, කුරුණෑගල - බෞද්ධාලෝක විද්‍යාතන පිරිවෙන යන ස්ථානයන්ට ආධාර භාරදීමේ හැකියාව පවතිනවා.

මහියංගනය රජමහා විහාරස්ථානයත් හිරු සහන යාත්‍රාවේ තවත් එක් මධ්‍යස්ථානයක්. නුවරඑළිය බෞද්ධ මධ්‍යස්ථානය වෙත පැමිණ විපතට පත්වූ අපේ ජනතාව වෙනුවෙන් ආධාර එකතු කරන හිරු සහන යාත්‍රාවට ආධාර ද්‍රව්‍ය භාරදිය හැකි වනවා.

මහනුවර අස්ගිරිය චන්දානන්ද බෞද්ධ විද්‍යාලයද ආධාර ද්‍රව්‍ය එකතු කරන හිරු සහන යාත්‍රාවේ තවත් එක් මධ්‍යස්ථානයක්.  

හම්බන්තොට - මිරිජ්ජවිල පිහිටි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය සහ සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලය යන ස්ථානවලටද ද්‍රව්‍යමය ආධාර ලබාදිය හැකි වනවා.

ඊට අමතරව ඊයේ පෙරවරුවේ ආධාර ද්‍රව්‍ය එක්රැස් කිරීම සඳහා තොට ළඟ මංසන්ධියෙන් ආරම්භ කළ හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයේ විශේෂ රථ පෙළ ඊයේ පස්වරුව වනවිට මීගමුව නගරයට ළඟාවුණා.

ඒ වනවිටත් භාණ්ඩ එක් රැස් කිරීමේ රථ සියල්ල ජනතාවගේ ආධාරවලින් පිරී පැවතුණු බවයි වාර්තාවන්නේ.

මේ අතර අද පෙරවරුවේ යළිත් ආධාර එක් රැස් කිරීමේ එම විශේෂ රථ පෙළ මීගමුව නගරයේ සිට කොච්චිකඩේ, වෙන්නප්පුව, කටුනේරිය, මාරවිල, මහවැව සහ කාකපල්ලිය හරහා හලාවතට ළඟා වනු ඇති.

පිහිටක් අවැසි මොහොතක පීඩාවට පත්ව සිටින ජනතාවට පිහිටක් වන්නට හිරු සහන යාත්‍රාව හා ඔබත් එකතු වන්න.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories