කාන්තාවන් දෙදෙනෙකුට මරු කැඳවූ මාරක අනතුර

Monday, 29 May 2017 - 10:48

%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB
බෙන්තොට දී අද (29) අලුයම සිදු වූ රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

අද (29) අලුයම 4.30ට පමණ කොළඹ සිට ගාල්ල දෙසට ගමන් ගත් ලොරි රථයක් සහ ප්‍රතිවිරුද්ධ දෙසට ගමන් ගත් මෝටර් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

බරපතල තුවාල ලබූ, මෝටර් රථයේ පසුපස අසුනේ ගමන් ගත් කාන්තාවන් දෙදෙනා බෙන්තොට රෝහලට ඇතුලත් කිරීමේ දී මිය ගොස් ඇති අතර මෝටර් රථයේ රියදුරා බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.

බෙලිඅත්ත, කුඩාහිල්ල ප්‍රදේශය පදිංචි 35 හැවිරිදි කලුහැන්නදිගේ නිරාෂා සහ අම්බලන්ගොඩ- රිදීගම ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි දිස්නා ලක්මිණි මෙම අනතුරෙන් මිය ගියා.

මෘත දේහයන් බෙන්තොට රෝහලේ ඇති අතර ලොරි රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories