කැළණි, කළු, ගිං, නිල්වලා ජල මට්ටම් පහළට

Monday, 29 May 2017 - 13:23

%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92%2C+%E0%B6%9A%E0%B7%85%E0%B7%94%2C+%E0%B6%9C%E0%B7%92%E0%B6%82%2C+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%8F+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%B8%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7
කැළණි, කළු, ගිං, නිල්වලා ගංඟාවල ජල මට්ටම් මේ වනවිට අඩුවෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එහෙත් නිල්වලා ගඟ පිටාර ගැලීම නිසා ගං වතුර තත්ත්වයක් පැවති පානදුගම සහ ඌරාව යන ප්‍රදේශවල තවමත් ජලය බැස ගොස් නොමැති බවයි වාර්තාවන්නේ.

එමෙන්ම අද උදෑසන වනවිට කැළණි ගෙඟ් නාගලගං වීථිය ජල මාපකයේ ජල මට්ටම සටහන්වී තිබුණේ අඩි අඩි 3.5 ක් ලෙසයි.

රත්නපුර ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති ජල මාපකයට අනුව කළු ගෙඟ් ජල මට්ටම මීටර 7.25 ක් සහ පුටුපාවුල ප්‍රදේශයේ මීටර 6.72 ලෙස සටහන්ව තිබුණා.  

මේ අතර අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් බිඳ වැටීමට ලක්වූ විදුලි සැපයුමද මේ වනවිට යථා තත්ත්වයට පත් කරමින් පවතිනවා.

කෙසේ වෙතත් රත්නපුර ප්‍රදේශයේ විදුලි බිඳවැටීම ප්‍රතිසංස්කරණය කිරීම අසීරු වී ඇති බවයි විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළේ.  

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක ජල සැපයුමටද බාධා  එල්ලවී තිබෙනවා.

මාතර - කාකදුව පොම්පාගාරය ඇණහිටීම හේතුවෙන් රන්න, හුංගම, තංගල්ල, යන ප්‍රදේශවල ජල සැපයුමට බාධා එල්ලවී ඇති බව සඳහන්.

කෙසේ වෙතත් රත්නපුර ප්‍රදේශයේ ජල සැපයුම මේ වනවිට සියයට 85 ක් යථා තත්ත්වයට පත්කර ඇති බවයි ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ඒ. ඊ. අන්සාර් කියා සිටියේ.

කෙසේ වෙතත් හානියට පත්වූ මාර්ග යථා තත්ත්වයට පත් කිරීමේ වැඩසටහනක් මාර්ග සංවර්ධන අධිකාරිය ආරම්භ කර තිබෙනවා.

විශේෂයෙන් කළුතර, ගාල්ල, මාතර, රත්නපුර, හම්බන්තොට යන ප්‍රදේශවල ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මාර්ග පද්ධතියට සිදුවී ඇති හානි පිළිබඳ තොරතුරු පළාත් අධ්‍යක්‍ෂවරුන් හරහා ලබාගනිමින් පවතින බවයි මහාමාර්ග අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

එමෙන්ම ආපදාවට පත්ව ඇති මාර්ග පිළිබඳ තොරතුරු මාර්ග සංවර්ධන අධිකාරියේ 19 68 සහ 19 69 යන ක්‍ෂණික දුරකථන අංක වෙත දැනුම්දිය හැකි බව ද එම අමාත්‍යාංශය කියා සිටියා.  

මේ අතර ගංවතුර තත්ත්වය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සිට දොඩංගොඩ දක්වා වූ කොටස තවදුරටත් වසා දමා තිබෙනවා.  

කැළණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් අවහිරව තිබූ බියගම - කොළඹ මාර්ගයේ ගමනාගමන කටයුතු යථා තත්වයට පත්ව තිබෙනවා.

දැනට ආරක්ෂිත ස්ථානවලට පැමිණ සිටින ජනතාවට පවතින තත්ත්වය හමුවේ නැවත දැනුම්දෙන තුරු නිවෙස් කරා නොයන ලෙස ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි ඉල්ලීමක් කළා.

අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ වසංගත රෝග සහ උණ රෝග පැතිරයාමේ අවදානමක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ සඳහන් කළා.

මේ නිසා ජලය සහ ආහාර පරිභෝජනය කිරීමේදී සැළකිලිමත් වන ලෙසට ඔහු උපදෙස් මාලාවක්ද ලබාදුන්නා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories