Update : ගුවනේදී අඩු වයසින් උපන් දරුවා මියයයි

Monday, 29 May 2017 - 14:16

Update+%3A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%A9%E0%B7%94+%E0%B7%80%E0%B6%BA%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ආපදාවට ලක්ව සිටි ගැබිණි මවක් ගුවන් මගින් රැගෙන යන අවස්ථාවක හෙලිකොප්ටර් යානය තුලදී දරුවා ලැබීම ආරම්භවූ පුවතක් රත්නපුරයෙන් වාර්තා වුණා.

කෙසේ වෙතත් මෙසේ බිහිවූ දරුවා මේ වනවිට මියගොස් ඇති බවටයි රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.

මෙය සති විසි හයක අඩු වයස් දරු උපතක් බැවින් මෙලෙස දරුවා මියගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

කලවානේ සිට රත්නපුරය දක්වා රැගෙන යමින් සිටියදී අදාළ ගැබිණි කාන්තාව දරුවා ප්‍රසූතකිරීම ආරම්භ කර තිබෙනවා.

අනතුරුව මව සහ දරුවා රත්නපුර රෝහලට ඇතුලත් කර ඇති බවට වාර්තා වූ අතර අප ඒ පිළිබඳව රත්නපුර රෝහලේ අධ්‍යක්ෂ FPAL රණවීර මහතාගෙන් අප විමසීමක් කළා.

ඔහු කියාසිටියේ හෙලිකොප්ටරය තුලදී දරුවා බිහිකිරීම ආරම්භ කර ඇතත් එය අවසන් කෙරුනේ රෝහල තුලදී බවයි.

මෙය සති විසි හයක අඩු වයස් දරු උපතක් බව ඒ අවස්ථාවේ කියා සිටි වෛද්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ එවැනි දරුවෙකු ජීවත් කරවීමේ හැකියාව ඉතා අවම බවයි.

Update : Monday, May 29, 2017

ආපදාවට ලක්ව සිටි හෘද රෝගියෙකු සහ ගැබිණි මවක් ගුවන් මගින් රැගෙන යන අවස්ථාවක හෙලිකොප්ටර් යානය තුලදී දරුවා ලැබීම ආරම්භ වූ පුවතක් රත්නපුරයෙන් වාර්තා වුණා.

කලවානේ සිට රත්නපුරය දක්වා රැගෙන යමින් සිටියදී ගැබිණි කාන්තාව දරුවා ප්‍රසූතකිරීම ආරම්භ කර තිබෙනවා.

මේ වන විට මව සහ දරුවා රත්නපුර රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බධයෙන් රත්නපුර රෝහලේ අධ්‍යක්ෂ FPAL රණවීර ගෙන් අප විමසීමක් කළා.

ඔහු කියාසිටියේ හෙලිකොප්ටරය තුලදී දරුවා බිහිකිරීම ආරම්භ කර ඇතත් එය අවසන් කෙරුනේ රෝහල තුලදී බවයි.

මෙය සති විසි හයක අඩු වයස් දරු උපතක් බවද කියා සිටි වෛද්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ එවැනි දරුවෙකු ජීවත් කරවීමේ හැකියාව ඉතා අවම බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories