Update - අාපදා මරණ ගණන තවත් ඉහළට

Tuesday, 30 May 2017 - 7:33

Update+-+%E0%B6%85%E0%B7%8F%E0%B6%B4%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
අාපදා තත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 183 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවත් පුද්ගලයින් 103 දෙනෙකු අතුරදන්ව ඇති අතර 112 දෙනෙකු තුවාල ලබා ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.

අයහපත් කාලගුණය හේතුවෙන් පිඩාවට පත්ව සිටින පුද්ගලයින් සංඛ්‍යාව පන්ලක්ෂ හතලිස් පන්දහස් 283 ක්.

Update :- Tuesday, May 30, 2017 11.06 am
-----------------------------------------------------------

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 180 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත්කළ නවතම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ තවත් පුද්ගලයින් 110 දෙනෙකු අතුරුදන් වී තවත් පුද්ගලයින් 109 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.

වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් වන අතර, එම සංඛ්‍යාව 77 ක්.

එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයෙන් මරණ 54 ක් සහ මාතර දිස්ත්‍රික්කයෙන් මරණ 24 ක් මේ වනවිට වාර්තාවී තිබෙනවා.

අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක්ව සිටින පුද්ගලයින් සංඛ්‍යාව පන්ලක්ෂ 88,082ක්.

මේ වනවිට නිවාස 640 ක් සම්පූර්ණයෙන් හානිවී ඇති අතර, අර්ධ හානි වූ නිවාස ගණන 5329ක්.

එමෙන්ම ආරක්ෂිත ස්ථාන 368ක පුද්ගලයින් 76,902ක් රඳවා සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

වැඩිම පිරිසක් රඳවා ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේයි.

එම සංඛ්‍යාව 38,323 ක්.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 11,692ක් සහ මාතර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 11,085 දෙනෙකු ආරක්ෂිත ස්ථානවල රඳවා සිටින බව ද ආපදා කළමනාකරන මධ්‍යස්ථානය කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories