Update - පොත්ගුල් කන්ද නාය යාමේ අවදානම හේතුවෙන් ඉවත් කළ ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත

Tuesday, 30 May 2017 - 8:52

Update+-+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B7%80%E0%B7%99%E0%B6%AD
රත්නපුර - පොත්ගුල් කන්ද නාය යාමේ අවදානමක් හේතුවෙන් එම ප්‍රදේශයෙන් ඉවත් කළ පවුල් 20කට අයත් පුද්ගලයින් 100කට ආසන්න ප්‍රමාණයක් ආරක්ෂිත ස්ථාන වෙත මේ වන විට යොමු කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ කන්දෙහි ඇති වූ ගිලා බැසීමක් හේතුවෙන් ඔවුන් මෙලෙස ඉවත් කිරීමට ඊයේ රාත්‍රියේ පියවර ගත් බවයි.

එමෙන්ම අදාළ කන්ද පවතින ප්‍රදේශය අවදානම් කලාපයක් ලෙසට නම් කර ඇති බව සදහන්.  

මේ අතර, ගං වතුරෙන් හානියට පත් ප්‍රදේශවල පානීය ජල ළිං සහ සනීපාරක්ෂක පහසුකම් පිළිසකර කිරීම සඳහා ප්‍රජා මූල සංවිධාන සාමාජික බලකායක් පිහිටුවීමට නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.



Update :- Tuesday, May 30, 2017 9.36 am
-----------------------------------------------------------

කැළණි, කළු, ගිං, නිල්වලා ගංඟාවල ජල මට්ටම් මේ වනවිට අඩුවෙමින් පවතින නමුත්, ඇතැම් පහත්බිම් ප්‍රදේශවල තවදුරටත් ජලය රැදී පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම නිල්වලා ගඟ පිටාර ගැලීම නිසා ගං වතුර තත්ත්වයක් පැවති පානදුගම, ඌරාව සහ පිටබැද්දර යන ප්‍රදේශවල තවමත් ජලය බැස ගොස් නොමැති බවයි වාර්තාවන්නේ.

 මේ අතර, ගංඟා ආශ්‍රිතව ඇති ආරක්ෂිත බැමි වල වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් කිසිදු ගැටළුකාරී තත්ත්වයක් නොමැති බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ගිං ගඟ පිටාර ගැලීමත් සමඟ බද්දේගම නගරයට ගං වතුර ඒම වැළැක්වීම සඳහා ඉදිකර ඇති බැම්ම කැඩී යාමේ අවදානමක් පවතින බවට මීට පෙර වාර්තා පළ වුණා.

කෙසේ වෙතත්, එම බැම්මෙහි වතුර කාන්දුව නැවැත්වීම සඳහා වැලි කොට්ට යොදා බැම්මක් සකස් කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම කළුතර, පනාපිටිය, බොල්ගොඩ ගඟේ ආරක්ෂිත බැම්ම ද කැඩී යාමේ අවදානමක් පවතින බවට මීට පෙර ප්‍රකාශ වුව ද එම බැම්මෙහි ගැටළුවක් නොමැති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ටී.පී. අල්විස් සඳහන් කළේ.

මේ අතර, රත්නපුර - පොතුගුල් කන්ද නාය යාමේ අවදානමක් හේතුවෙන් එම ප්‍රදේශයේ සිටි පවුල් 20ක පමණ ජනතාව ඊයේ රාත්‍රියේ ඉවත් කිරීමට පියවර ගත්තා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යාම් අංශයේ අධ්‍යක්ෂ ආර්.එම්.එස්. බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ එම පළාත අවදානම් කලාපයක් ලෙස නම් කිරීමට ද පියවර ගත් බවයි.

 එමෙන්ම වර්ෂාවත් සමඟ දිස්ත්‍රික්ක 7කට නිකුත් කෙරුණු නාය යාමේ අවදානම තවදුරටත් ක්‍රියාත්මකයි.

ඒ අනුව රත්නපුර, කෑගල්ල, ගාල්ල, කළුතර, මාතර, හම්බන්තොට සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට මෙම අවදානම ක්‍රියාත්මක වනු ඇති.

මේ අතර, ගං වතුර තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක ප්‍රධාන මාර්ග කිහිපයක් තවමත් වසා දමා තිබෙනවා.

පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ හැකි තාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories