අාහාර බෙදන්න යද්දී පාරුවක් පෙරලීමෙන් පුද්ගලයෙකු අතුරුදන්

Tuesday, 30 May 2017 - 9:19

%E0%B6%85%E0%B7%8F%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%BA%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A
කළුතර දකුණ, සේරුපිටිය ප්‍රදේශයේදී පාරුවක් පෙරලීමෙන් පුද්ගලයෙකු අතුරුදන්ව තිබෙනවා.

ආපදාවට පත්ව සිටි පුද්ගලයින්ට අාහාර බෙදා දීමට ගිය අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ.

ඊයේ සවස මෙම අනතුර සිදුව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ ස්වාමින් වහන්සේ නමක්ද එහි සිටීම විශේෂත්වයක්.

හිමිනම ඇතුළු තවත් පුද්ගලයින් 04 දෙනෙකු පාරුවේ සිට ඇති බව සදහන්.

මෙලෙස අතුරුදහන් වූ පුද්ගලයා සේරුපිටිය ප්‍රදේශයේදී පදිංචි 55 වන වියේ පසුවන අයෙකු බවයි වාර්තා වන්නේ.

පාරුව පෙරලී යාමෙන් අනතුරට පත් හිමි නම ඇතුළු අනෙකුත් පුද්ගලයින් නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකිව ඇති අතර අතුරුදන් වූ පුද්ගලයා සොයා පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරින්,නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව මෙහෙයුම් සිදුකරනු ලබනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories