"මෝරා" සුළි කුණාටුව බංග්ලාදේශයට ඇතුළු වෙයි

Tuesday, 30 May 2017 - 10:24

%22%E0%B6%B8%E0%B7%9D%E0%B6%BB%E0%B7%8F%22+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාවට දැඩි බලපෑම් එල්ල කළ "මෝරා" සුළි කුණාටුව බංග්ලාදේශයට ඇතුළු වී තිබෙනවා.

එරට ගිනිකොණදිග ප්‍රදේශයෙන් පැයට කිලෝමීටර් 117ක වේගයෙන් ඇතුළු වූ සුළි කුණාටුවේ බලපෑම නිසා බංග්ලාදේශයට දැඩි වර්ෂාවක් ද ඇද හැලෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ නිසා මිලියනයකට අධික ජනතාවක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බව ද සඳහන්.

මෙම සුළි කුණාටුව ඉන්දියාවට සහ මියන්මාරයේ ඇතැම් ප්‍රදේශවලට ද බලපෑම් එල්ල කරනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.



 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories