හෙට සිට තද වැසි සහ සුළං අඩුවෙයි

Tuesday, 30 May 2017 - 16:24

%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%82+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
හෙට සිට තද වැසි සහ සුළං ඇතිවීමේ හැකියාව අඩුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මෝරා සුළි කුණාටුව මේවන විට බංග්ලාදේශ ගොඩබිමට ඇතුලුවී ඇති බවයි දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

කෙසේවෙතත් අද දිනයේ දිවයිනේ අහස වළාකුලින් බරවී පවතින අතර වැසි සහ සුළං තත්වය අපේක්ෂා කෙරෙනවා.

විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල විටින් විට හමන පැයට කිලෝමීටර් 60 ක් 70 ක් දක්වා වන ඉතා තද සුළං ඇතිවිය හැකියි.

බස්නාහිර / සබරගමුව / දකුණ / මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා.

ඌව සහ නැගෙනහිර පළාත්වල විශේෂයෙන් සවස් කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

හෙට දිනයේදී බස්නාහිර / සබරගමුව / දකුණ සහ මධ්‍යම පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනවා.

ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories