‘‘රට වෙනුවෙන් හිරු’’ සහන යාත්‍රා ක්‍රියාන්විතයේ තුන්වන ආධාර තොගය කළුතරට - එක් රැස් කිරීමේ මධ්‍යස්ථානවලට අඛන්ඩව ද්‍රව්‍ය ආධාර

Tuesday, 30 May 2017 - 19:03

%E2%80%98%E2%80%98%E0%B6%BB%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E2%80%99%E2%80%99+%E0%B7%83%E0%B7%84%E0%B6%B1+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85%E0%B7%94%E0%B6%AD%E0%B6%BB%E0%B6%A7+-+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%85%E0%B6%9B%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%80+%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB
අයහපත් කාලගුණයෙන් විපතට පත් අපේම සහෝදර ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ආසියානු මාධ්‍ය ජාලය ආරම්භ කළ රට වෙනුවෙන් හිරු, හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයේ තුන්වන ආධාර තොගය මේ වනවිට කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ රැසක් පුරා බෙදාහරිමින් පවතිනවා.

අදාළ ආධාර තොගය ලොරි රථ ගණනාවකින් අද දහවල් කළුතර දිස්ත්‍රික් ලේකම් යූ.ඩී.සී. ජයලාල් වෙත භාරදුන්නා.  

පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් එස්. තිරිමාන්න ද රට වෙනුවෙන් හිරු, හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය මගින් ලැබුණු දායකත්වය පිළිබඳව කෘතවේදීත්වය පළ කළා.

එසේම රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය වෙනුවෙන් නුගේගොඩ - නාවල පාරේ පිහිටි ප්‍රධාන මධ්‍යස්ථානයට මෙන්ම දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ස්ථාපිත කර ඇති මධ්‍යස්ථානවලට මේ වනවිටත් ආධාර විශාල වශයෙන් ලැබෙමින් පවතිනවා.  

එසේම මොරටුව - රාවතාවත්ත, භාවනා මූලස්ථානයේ පිහිටි ශ්‍රී වාචිස්සර දහම් පාසලේ එකතු කිරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇති අතර, කෝට්ටේ රජමහා විහාරයේ සහ කොළොන්නාව පුරාණ රජමහා විහාරස්ථානයටත්, ද්‍රව්‍යාධාර තවදුරටත් ගෙනවිත් භාරදිය හැකියි.

ගම්පහ - මැදගම සිරිසුනන්දාරාමය, අත්තනගල්ල පුරාණ රජමහා විහාරයේ, දිවුලපිටිය - ප්‍රියදර්ශනාරාමය ආදී ස්ථානයන්ට ගම්පහ ප්‍රදේශයේ ජීවත් වන වන ඔබට ආධාර ද්‍රව්‍ය භාරදීමේ හැකියාව පවතිනවා.

එසේම කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ද හිරු සහන යාත්‍රා ව්‍යාපෘතියේ මධ්‍යස්ථාන 3 ක් ස්ථාපිත කර තිබෙනවා.

ඒ අනුව, කුරුණෑගල - පාදෙණිය රජමහා විහාරය, නිකවැරටිය - කොටවෙහෙර ශ්‍රී ජිනරතන සඳහම් සෙවණ, කුරුණෑගල - බෞද්ධාලෝක විද්‍යාතන පිරිවෙන යන ස්ථානයන්ට තවදුරටත් ආධාර භාරදිය හැකියි.  

නුවරඑලිය බෞද්ධ මධ්‍යස්ථානය මෙන්ම මහනුවර අස්ගිරිය චන්දානන්ද බෞද්ධ විද්‍යාලය, සහ හම්බන්තොට - මිරිජ්ජවිල පිහිටි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයේද රට වෙනුවෙන් හිරු සහන යාත්‍රාව වෙනුවෙන් ආධාර එක් රැස් කෙරෙනවා.

වැල්ලවාය ප්‍රධාන බස් නැවතුම්පල ඉදිරිපිට වෙල්ලස්ස මාධ්‍ය ඒකකයද හිරු සහන යාත්‍රාවේ තවත් එක් මධ්‍යස්ථානයක්.

රට වෙනුවෙන් හිරු, හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය යටතේ එක්රැස් කළ පළවන සහ දෙවන ආධාර තොගය අප භාරදුන්නේ ගුවන් හමුදාව වෙතයි.

ඒවා ගොඩබිමින් ළඟාවීමට නොහැකි ප්‍රදේශවල රැඳී සිටි ජනතාවට ලබාදීම අදත් ගුවන් හමුදාව විසින් සිදුකළා.

රට වෙනුවෙන් හිරු, හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන් වාර ගමන් වාර විශාල ප්‍රමාණයක් වෙන් කිරීම ද විශේෂත්වයක්.

එමෙන්ම ආසියානු මාධ්‍ය ජාලය ප්‍රේක්ෂකයන් සහ ශ්‍රාවකයන් වෙත ලබාදෙන සියලූම මුදල් ත්‍යාග අත්හිටුවා එම මුදල් ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් වෙන් කිරීමට ද තීරණය කර තිබෙනවා.

ඒ, පරිත්‍යාගශීලී ජනතාව විපතට පත්වූවන්ට ලබාදෙන ආධාර හා සමානවමයි.

සැබෑ ලෙසම විපතට පත් ජනතාව වෙනුවෙන් නිසි පරිදි අවශ්‍ය ආධාර ලබාදීමට ‘‘රට වෙනුවෙන් හිරු’’, හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය සූදානම්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories