වාර්තාකාරිනිය අපහසුතාවට පත් කරමින්, පැරදුණු ක්‍රීඩකයා සිදුකළ දේ

Wednesday, 31 May 2017 - 11:43

%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B4%E0%B7%84%E0%B7%83%E0%B7%94%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%85+%E0%B6%AF%E0%B7%9A
වාර්තාකාරිනියක් අපහසුතාවයට පත් වන අයුරින් ඇයව සිප ගැනීමට කටයුතු කළ ක්‍රීඩකයෙකුට ප්‍රංශ විවෘත ටෙනිස් තරඟාවලිය තහනම් කිරීමට තරඟාවලි සංවිධායකයන් කටයුතු කර තිබෙනවා.

ප්‍රංශයේ මේ දිනවල පැවැත්වෙන ප්‍රංශ විවෘත ටෙනිස් තරඟාවලියට එක්ව සිටි 21 හැවැරිදි මැක්සිම් හමෝයූ නැමති ක්‍රීඩකයාට මෙම තහනම පනවා ඇති බවයි වාර්තා වන්නේ.

මාලි තෝමස් නැමැති  වාර්තාකාරිනිය  තරඟාවලියේ සිදුවූ පරාජය පිළිබඳව සජීවීව ඔහුගෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබාගනිමින් සිටින අතර තුර මැක්සිම් විසින්  ඇයව සිප ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන්  නිවේදනයක් නිකුත් කරමින් තරඟාවලියේ සංවිධායකන් පවසා ඇත්තේ ඔහුගේ හැසිරීම එම නොගැළපෙන ක්‍රියාවක්  බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අදාල වාර්තාකාරිනිය පසුව අදහස් දක්වමින් පවසා ඇත්තේ වැඩසටහන සජීවීව විකාශය නොවුණානම් තමන් එම ක්‍රීඩකයාට පහරදීමට කටයුතු කරන බවයි. 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories