රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන් 8 දෙනෙක් දිවුරුම් දෙයි

Wednesday, 31 May 2017 - 18:56

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+8+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
නව රාජ්‍ය අමාත්‍යවරුන් හතරදෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් හතරදෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ අද දිවුරුම් දුන්නා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය ධුරය හොබවන ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරය දැරූ ආචාර්ය හර්ෂ ද සිල්වායි.

එහි රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නිරෝෂන් පෙරේරා කටයුතු කරනවා.

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ධුරය දැරූ ඉරාන් වික්‍රමරත්න දිවුරුම් දුන්නා.

එසේම මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස අද පස්වරුවේ දිවුරුම් දුන්නේ මහා නගර සහ බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ධුරය දැරූ ලසන්ත අලගියවන්නයි.

මුදල් විෂයට නියෝජ්‍ය අමාත්‍යවරයෙක් නොසිටි අතර, ලසන්ත අලගියවන්න දිවුරුම් දීමත් සමග මහා නගර සහ බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ධුරය ද මේ වනවිට පුරප්පාඩුව පවතිනවා.

මෙතෙක් මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරය දැරූ ලක්ෂ්මන් යාපා අබේවර්ධන, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා.

නව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා වන්නේ වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ධුරය දැරූ වසන්ත සේනානායකයි.

විදේශ කටයුතු සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන විෂයන් සඳහා මීට පෙර රාජ්‍ය අමාත්‍යවරුන් පත් කර සිටියේ නැහැ.

මෙවර විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු පත් කර නොතිබීමද විශේෂත්වයක්.

නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ පාලිත රංගේ බණ්ඩාර, වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ධුරය දැරූ කරුණාරත්න පරණවිතාන දිවුරුම් දුන්නේ නිපුණතා සංවර්ධන සහ වෘත්තිය පුහුණු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.

පසුගියදා සිදු කෙරුණු අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන යන විෂයන්ට කන්ද උඩරට උරුමය පිළිබද විෂය ඒකාබද්ධ කෙරුණා.

ඒ අනුව, සමාජ සවි බල ගැන්වීම් සහ සුබසාධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රන්ජන් රාමනායක කන්ද උඩරට උරුමය පිළිබද නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ ද දිවුරුම් දුන්නා.

නව සංශෝධනයත් සමග 25 ක්ව පැවති නියෝජ්‍ය අමාත්‍ය ධුර සංඛ්‍යාව 24 දක්වා අඩු වී ඇති අතර, 21 ක්ව පැවති රාජ්‍ය අමාත්‍ය ධුර සංඛ්‍යාව 22 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මීට අමතරව, අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සංශෝධනයක් ද ඉදිරියේදී සිදුවීමට නියමිත බවයි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

පසුගියදා සිදුකෙරුණු කැබිනට් සංශෝධනයේදී අමාත්‍යවරුන්ට විෂයන් පැවරීමට අදාළ ගැසට් නිවේදනය ද මෙම සතිය තුළ නිකුත් වීමට නියමිත බව එම අමාත්‍යවරයා කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories