ආපදා මරණ 203 දක්වා ඉහළට - ලක්ෂ 6 කට වැඩි පිරිසක් පීඩාවට

Wednesday, 31 May 2017 - 19:00

%E0%B6%86%E0%B6%B4%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+203+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7+-+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+6+%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
දිවයිනට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 203 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවත් පුද්ගලයින් 96 දෙනෙකු අතුරුදන්ව සිටින අතර, පවුල් එක් ලක්ෂ 64,264කට අයත් පුද්ගලයින් හය ලක්ෂ 30082 පීඩාවට පත්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ.

ආපදා තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ මියගිය සංඛ්‍යාව 84 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එසේම, කළුතර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 63 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.

පැවති ආපදා තත්ත්වය හේතුවෙන් සම්පූර්ණයෙන් විනාශ වූ නිවාස ගණන 1,508 ක්. නිවාස 7617 කට ද අර්ධ වශයෙන් හානි සිදුව තිබෙනවා.

එසේම, පවුල් 19,876 කට අයත් පුද්ගලයින් 77,643 දෙනෙකු මේ වනවිට ආරක්ෂිත ස්ථාන 368ක රඳවා සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories