හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයේ පස්වන ආධාර තොගය ගාල්ලට

Thursday, 01 June 2017 - 8:14

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%84%E0%B6%B1+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%A7
අයහපත් කාලගුණයෙන් විපතට පත් අපේම සහෝදර ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ආසියානු මාධ්‍ය ජාලය දියත් කර ඇති රට වෙනුවෙන් හිරු, හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයේ 5වන ද්‍රව්‍යමය ආධාර තොගය අද ගාල්ල දිස්ත්‍රික්කයේ විපතට පත් ජනතාව වෙත බෙදාහැරීමට නියමිතයි.

ඊයේ දිනයේ හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයට ලැබුණු ද්‍රව්‍යමය ආධාරවල 4 වන තොගය ගංවතුරෙන් වැඩිම බලපෑමක් එල්ලවූ රත්නපුර දිස්ත්‍රික්කයේ විපතට පත් ජනතාව වෙත බෙදා හැරුණා.

ඒ, රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මැදිහත්වීමෙන්.

මීට පෙර කිසිවෙකුටත් ළඟාවිය නොහැකි ස්ථානවලට හිරු ආධාර ලබාදුන්නේ ගුවන් හමුදාවේ සහයද ලබාගෙනයි.

සිව්වන ද්‍රව්‍යමය ආධාර තොගය රැගත් කන්ටේනර් රථ සහ ට්‍රක් රථ පෙළ ඊයේ පෙරවරුවේ නාවල පිහිටි අපගේ ප්‍රධාන ආධාර රැස් කිරීමේ මධ්‍යස්ථානයෙන් පිටත්ව ඇහැලියගොඩ සහ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ඒවා ලබාදුන්නා.

අනතුරුව  රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා විපතට පත් ජනතාවට බෙදාහැරීම සඳහා ආධාර තොග ප්‍රධානය කළා.

මෙතෙක් ආධාර ලබා නොදුන් ඔබ වෙනුවෙන් නාවල පිහිටි අපගේ ප්‍රධාන ආධාර එක්රැස් කිරීමේ මධ්‍යස්ථානයට අමතරව දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන ජාලය පැය 24 පුරා ඒවා භාරගැනීම සඳහා සූදානමින් සිටිනවා.  

අපගේ ප්‍රධාන මධ්‍යස්ථානයේ සිදුවන මෙහෙයුම් ක්‍රියාවලියට විවිධ සංවිධාන මෙන්ම සරසවි සිසුන් ද එක්ව සිටීම විශේෂත්වයක්.

ඊයේ දිනයේ දී මොරටුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන දේශීය මෙන්ම විදේශීය සිසුන් පිරිසක් ආධාර බෙදා හැරීම සදහා එක්ව සිටියා.

මොරටුව - රාවතාවත්ත, භාවනා මූලස්ථානයේ පිහිටි ශ්‍රී වාචිස්සර දහම් පාසල, කෝට්ටේ රජමහා විහාරය, කොළොන්නාව පුරාණ රජමහා විහාරය, ගම්පහ - මැදගම සිරිසුනන්දාරාමය, අත්තනගල්ල පුරාණ රජමහා විහාරය, දිවුලපිටිය - ප්‍රියදර්ශනාරාමය යන ස්ථානවලදීද තවදුරටත් රට වෙනුවෙන් හිරු සහන යාත්‍රාව වෙනුවෙන් ද්‍රව්‍යාධාර ලබාදිය හැකියි.  

කුරුණෑගල - පාදෙණිය රජමහා විහාරය, නිකවැරටිය - කොටවෙහෙර ශ්‍රී ජිනරතන සදහම් සෙවණ, කුරුණෑගල - බෞද්ධාලෝක විද්‍යාතන පිරිවෙන, නුවරඑලිය බෞද්ධ මධ්‍යස්ථානය, මහනුවර අස්ගිරිය චන්දානන්ද බෞද්ධ විද්‍යාලය, සහ හම්බන්තොට - මිරිජ්ජවිල පිහිටි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයේද තවදුරටත් ඊට අදාළ මධ්‍යස්ථාන පිහිටුවා තිබෙනවා.

වැල්ලවාය ප්‍රධාන බස් නැවතුම්පල ඉදිරිපිට වෙල්ලස්ස මාධ්‍ය ඒකකයද හිරු සහන යාත්‍රාවේ තවත් එක් මධ්‍යස්ථානයක්.

රට වෙනුවෙන් හිරු, හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය යටතේ එක්රැස් කළ පළවන සහ දෙවන ආධාර තොග අප භාරදුන්නේ ගුවන් හමුදාව වෙතයි.  

එමෙන්ම ආසියානු මාධ්‍ය ජාලය ප්‍රේක්ෂකයන් සහ ශ්‍රාවකයන් වෙත ලබාදෙන සියලූම මුදල් ත්‍යාග අත්හිටුවා එම මුදල් ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් වෙන් කිරීමට ද තීරණය කළා. ඒ, පරිත්‍යාගශීලී ජනතාව විපතට පත්වූවන්ට ලබාදෙන ආධාර හා සමානවමයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories