දක්ෂිණ අධිවේගයේ ගමන ප්‍රවේසමෙන්

Thursday, 01 June 2017 - 13:29

%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AB+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%9A%E0%B7%83%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
ඉදිරි පැය 24 තුළ වැසි සහිත කාලගුණ තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

රත්නපුර, ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලට අද රාත්‍රියේ සහ හෙට දිනයේ තරමක තද වැසි බලාපොරොත්තු වන බවයි එම දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්‍ෂ අතුල කරුණානායක කියා සිටියේ.

මේ අතර ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 203ක්.

තවත් පුද්ගලයින් 96 දෙනෙකු අතුරුදන්ව සිටින අතර, පවුල් එක් ලක්ෂ 63,740කට අයත් පුද්ගලයින් හයලක්ෂ 29,704 දෙනෙකු පීඩාවට පත්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ.

එමෙන්ම පවුල් 19,876කට අයත් පුද්ගලයින් 77,643 දෙනෙකු මේ වනවිට ආරක්ෂිත ස්ථාන 368ක රදවා සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.

ආපදා තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ මියගිය සංඛ්‍යාව 84 ක්.

එසේම, කළුතර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 63 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පැවති ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස 1,508 ක් සම්පූර්ණයෙන්ම හානියට පත්වූ අතර, තවත් නිවාස 7617 කට  අර්ධ හානි සිදුවුණා.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක අඩාල වී තිබූ පානීය ජල සැපයුම මේ වනවිට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කර තිබෙනවා.

ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඞී.යූ. සුමනසේකර හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ ලබුගම ප්‍රදේශයේ ජල සැපයුමට බාධා එල්ලවී තිබුණද වෙනත් නල මාර්ග ඔස්සේ අදාළ ප්‍රදේශවලට ජලය ලබාදීම සිදුකරන බවයි.

ආපදාවට ලක්වූ ප්‍රදේශවල පැවති විදුලි විසන්ධි වීම් සියයට 90 ක් යථා තත්වයට පත්කර ඇති බව විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළා.

අදාළ ප්‍රදේශවල විදුලි බිඳවැටීම් යළි යථා තත්ත්වයට පත් කිරීම සඳහා අමතර කණ්ඩායම් යොදවා ක්‍රියා කරන බවයි එම අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන හිරු ප්‍රවෘත්ති අංශය සමග කියා සිටියේ.

මේ අතර ආපදාවට පත්වූ ප්‍රදේශවලට නිකුත් කර තිබූ නායයෑමේ අවදානම පිළිබඳ නිවේදනය දීර්ඝ කරන්නේද යන්න පිළිබඳව අද පස්වරු එක වනවිට ප්‍රකාශයට පත් කරන බව  ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළා.

ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් වසා දමා තිබූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම - නිල්වලා පිවිසුම සම්පූර්ණයෙන්ම විවෘත කර තිබෙනවා.

කෙසේ වෙතත් අධිවේගී මාර්ග මෙහෙයුම් අධ්‍යක්‍ෂ එස්.  ඕපනායක කියා සිටියේ දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිතා කරන රියදුරන් රිය ධාවනයේදී දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බවයි.

කෙසේ වෙතත් මාතර දිස්ත්‍රික්කයේ පැවති ගං වතුර තත්වය ඇතැම් ප්‍රදේශවල තවමත් පහව ගොස් නැහැ.  

එමෙන්ම පැවති අයහපත් කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ලවූ කළුතර ප්‍රදේශයේ තත්ත්වය සම්බන්ධයෙන්ද අප කණ්ඩායම් නිරීක්ෂනය කළා.  

මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ පැවති ගං වතුර තත්ත්වය  පහව යමින් පවතින බවයි රත්නපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරන මධ්‍යස්ථානය සඳහන් කළේ. අයගම සහ කිරිඇල්ල ප්‍රදේශවල පැවති ජල මට්ටම්ද මේ වනවිට අඩුවෙමින් පවතින බව සඳහන්.

 

 

 

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories