ආපදාවෙන් මියගිය ගණන 208 දක්වා ඉහළට

Friday, 02 June 2017 - 12:59

%E0%B6%86%E0%B6%B4%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1+208+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 208 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ තවත් පුද්ගලයින් 92 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි.

පවුල් එක්ලක්ෂ 75,516කට අයත් පුද්ගලයින් හයලක්ෂ 77 241 දෙනෙකු ආපදා තත්ත්වය නිසා පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.

ආපදා තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ මියගිය සංඛ්‍යාව 85 ක්.  එසේම, කළුතර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 63 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පැවති ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස 1735 ක් සම්පූර්ණයෙන්ම හානියට පත්වූ අතර, තවත් නිවාස 9432 කට  අර්ධ හානි සිදුවුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories