ආපදා හමුවේ විපතට පත් ජනතාවට අමරිකාවෙනුත් ආධාර

Saturday, 03 June 2017 - 20:42

%E0%B6%86%E0%B6%B4%E0%B6%AF%E0%B7%8F+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB
දිස්ත්‍රික් කිහිපයකට පැවති ආපදා තත්වය හමුවේ විපතට පත් ජනතාවට ආධාර ලබාදෙන බවට අමරිකාව ද ප්‍රකාශකර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ අමරිකා තානාපති අතුල් කෙෂාප් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සඳහන් කර ඇත්තේ.

ඒ අනුව රුපියල් මිලියන 350 ක ආධාර ලබාදෙන බව අමරිකා තානාපතිවරයා ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

මේ අතර, අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා චීන බෞද්ධ සංගමයද රුපියල් මිලියන 22ක මූල්‍ය පරිත්‍යාගයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ඊයේ ලබාදුන්නා.

එම මුදල් අයහපත් කාලගුණයෙන් විපතට පත්ව නිවාස අහිමි වූ ජනතාවට නිවාස ඉදිකිරීම වෙනුවෙන් යොදා ගන්නා බවයි ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේ.

එමෙන්ම ඇතිවී තිබෙන ආපදා තත්ත්වයට සහන සැලසිම සදහා චීනයේ සිට ආධාර තොග රැගත් විශේෂ ගුවන් යානයක්ද කටුනායක ගුවන් තොටුපලට ඊයේ පැමිණියා.

එහි ඇමරිකානු ඩොලර් මිලියන 2.2 වටිනාකමකින් යුත් ආධාර තොග රැගෙන විත් තිබූ අතර, කූඩාරම්, ඇඳ ඇතිරිලි, ජීවිතාරක්ෂක කබා, ආරක්ෂිත පාවහන් කට්ටල ඇතුලූ භාණ්ඩ රැසක් එහි අන්තර්ගතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories