ඒකල දී අත්අඩංගුවට ගත් කොස්ගොඩ රනා සහ කරන්දෙනිය රාජු පැය 48ක් රදවා ගනී

Sunday, 04 June 2017 - 18:38

%E0%B6%92%E0%B6%9A%E0%B6%BD+%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%94+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+48%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AF%E0%B7%80%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
පුද්ගල ඝාතන 05කට චෝදනා එල්ල වූ කොස්ගොඩ රනා සහ කරන්දෙනියේ රාජු යන පාතාල කල්ලි සාමාජිකයින් දෙදෙනා පැය 48ක රදවාගෙන ප්‍රශ්න කිරීමට පෑලියගොඩ පොලීසියට අධිකරණය අද අවසර ලබාදුන්නා.

ඒ, මොවුන් මීගමුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ලසන්ත පද්මලාල් හෙවත් කොස්ගොඩ රනා සහ සනත් සිල්වා හෙවත් කරන්දෙනියේ රාජු නැමැති පුද්ගලයන් දෙදෙනා ඊයේ ජාඇල - ඒකල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, ටී 56 ගිනි අවියක් සහ ජීව උණ්ඩ 7ක් ද සමඟයි.

හික්කඩුව, අහුන්ගල්ල, වැලිපැන්න සහ ඉමදූව යන ප්‍රදේශවල පසුගිය කාලයේ සිදුවූ පුද්ගල ඝාතන 5ක් සම්බන්ධයෙන් මොවුන් දෙදෙනාට ඍජුවම චෝදනා එල්ල වී තිබෙනවා.

සැකකරුවන් කොස්ගොඩ සහ මීටියාගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන් සමඟ සබඳතා පැවැත්වූ අනෙකුත් පුද්ගලයන් පිළිබදව ද තොරතුරු හෙළි වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories