"රට වෙනුවෙන් හිරු", අටවන ආධාර තොගය, ගාල්ලට - සෞඛ්‍ය ක්‍රියාන්විතය තුන්වන දිනටත් (ඡායාරූප)

Sunday, 04 June 2017 - 19:02

%22%E0%B6%BB%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94%22%2C+%E0%B6%85%E0%B6%A7%E0%B7%80%E0%B6%B1+%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%2C+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%A7+-+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
දිවයිනේ ප්‍රදේශ රැසකට බලපෑ ආපදා තත්ත්වයෙන් විපතට පත් අපේම සහෝදර ජනතාවට සහන සැලසීම අරමුණු කරගනිමින් "රට වෙනුවෙන් හිරු", හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයෙන් රැගෙන ගිය 8 වන ආධාර තොගය අද බෙදා හැරුණා.

ඒ, ගාල්ල දිස්ත්‍රික්කයේ විපතට පත් ජනතාව රැදී සිටින උඩුගම, ගල්අන්දල සහ නෙළුව ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයකටයි.

පසුගිය දින දෙකේදී ආපදා තත්ත්වය බලපෑ මාතර දිස්ත්‍රික්කයේ පීඩාවට පත් ජනතාව වෙත 6 වන සහ 7 වන ආධාර තොග ලබාදීමට අප කටයුතු කළා.

ඒ, අකුරැස්ස - අතුරලිය සහ පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙතයි.

එමෙන්ම "රට වෙනුවෙන් හිරු", හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය වෙනුවෙන් නුගේගොඩ - නාවල පාරේ, පිහිටි ප්‍රධාන එකතු කිරීමේ මධ්‍යස්ථානයට විශාල වශයෙන් ජනතාව අඛණ්ඩව ද්‍රව්‍යමය ආධාර රැගෙන එමින් තිබෙනවා.

මේ අතර, විපතට පත් අපේම සහෝදර ජනතාවට සහන සැලසීම අරමුණින් රට වෙනුවෙන් හිරු, හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයේ තවත් දැවැන්ත පියවරක් වන "රට වෙනුවෙන් හිරු" සෞඛ්‍ය ක්‍රියාන්විතය අද තුන්වන දිනටත් සාර්ථකව ක්‍රියාත්මක වුණා.

ඒ, වැල්ලම්පිටිය - කොටුවිල ගාමිණී මහා විද්‍යාලයේ සහ ගාල්ල - නෙළුව නැගෙනහිර ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින්.

ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය සමඟ එක්ව ක්‍රියාත්මක කරන මෙම සෞඛ්‍ය ක්‍රියාන්විතයට විපතට පත් ජනතාව විශාල ලෙස එක්ව සිටීම ද විශේෂත්වයක්.

එමෙන්ම කරාපිටිය වෛද්‍ය පීඨයේ අවසන් වසරේ සිසුන් ද රට වෙනුවෙන් හිරු, සෞඛ්‍ය ක්‍රියාන්විතයට එක්ව විපතට පත් ජනතාව වෙනුවෙන් වෛද්‍ය සේවා ලබාදීම සිදුකරනු ලබනවා.

පිහිටක් අවැසි මොහොතක පීඩාවට පත් අපේම ජනතාව වෙනුවෙන් හිරු ටී.වී. සහ හිරු එෆ්.එම්. ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය ඉදිරියටත් කැපවී සිටින බව අප සිහිපත් කරන්නේ නිහතමානීවයි.








Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories