බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු පළාත්වලට අද සන්ධ්‍යාවේත් වැසි - බුලත්සිංහල, තිබ්බොට්ටාව කන්ද යළි නායයෑමේ අවදානමක

Monday, 05 June 2017 - 7:49

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB%2C+%E0%B7%83%E0%B6%B6%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80%2C+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8%2C+%E0%B7%80%E0%B6%BA%E0%B6%B9%2C+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+-+%E0%B6%B6%E0%B7%94%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD%2C+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%8A%E0%B6%B6%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%BA%E0%B7%91%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A
කළුතර - බුලත්සිංහල - තිබ්බොට්ටාව කන්ද යළි නාය යාමේ අවදානමක් හේතුවෙන් ඒ අවට ජීවත්වන පවුල් 22ක් ඊයේ රාත්‍රියේ ඉවත් කෙරුණා.

ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ලබාදුන් නිර්දේශයකට අනුව මෙම ඉවත්කිරීම සිදුකළ බවයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් එස්.කේ. හේනාධීර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

පාහියන්ගල ඓතිහාසික විහාරය ද නායයාමේ අවදානම් සහිත ප්‍රදේශයක් බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නම් කිරීමත් සමග එහි වැඩ වාසය කළ භික්ෂූන් වහන්සේලා ඉන් ඉවත් කෙරුණා.

එමෙන්ම රත්නපුර, කෑගල්ල, ගාල්ල, කළුතර, මාතර, හම්බන්තොට සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට නිකුත් කළ නාය යාමේ අවදානම ද අද දහවල් දක්වා ක්‍රියාත්මකයි.

පසුගිය දා ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 212ක් වන අතර, පුද්ගලයන් 79 දෙනෙකු තවමත් අතුරුදන්.

බලපෑමට ලක්වූ පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට හත් ලක්ෂය ඉක්මවනවා.

ආපදා හේතුවෙන් නිවාස 2316 කට සම්පූර්ණයෙන් හානිවී ඇති අතර, අර්ධ හානි වූ නිවාස සංඛ්‍යාව 12,515 ක්.

එමෙන්ම ආරක්ෂිත ස්ථාන 226 ක පුද්ගලයින් 24,820 ක් රඳවා සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු පළාත්වලට අද සන්ධ්‍යාවේත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි කාර්යේ නියුතු කාලගුණ විද්‍යාඥ සචින්තා ජයසේකර කියා සිටියේ ඌව සහ නැගෙනහිර පළාත්වලට ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories