Update - මට්ටක්කුලියේ වෙඩි තැබීම, පාතාල ක්‍රියාකාරකමක් බවට සැක

Monday, 05 June 2017 - 13:03

Update+-+%E0%B6%B8%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%2C+%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B7%8F%E0%B6%BD+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%9A
මට්ටක්කුලිය - ජුබිලි පාර ප්‍රදේශයේ අද පෙරවරුවේ සිදුවූ වෙඩි තැබීම පාතාල ක්‍රියාකාරකමක් බවට පොලීසිය සැක පළ කරනවා.

ත්‍රිරෝද රථයකින් යමින් සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු මෙලෙස වෙඩි තබා පළා ගොස් තිබුණා.

වෙඩි වැදීමෙන් මිය ගියේ මට්ටක්කුලිය - සමිට්පුර ප්‍රදේශයේ පදිංචි ගයාන් ජීවන්ත හෙවත් ඉසුරු නැමැති දෙදරු පියෙක්.

සිද්ධිය වන අවස්ථාවේ දී මිය ගිය පුද්ගලයාගේ බිරිඳ සහ දරුවෙකු ද ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි නමුත්, වෙඩි තැබීමෙන් ඔවුන්ට හානියක් සිදුව නැහැ.

පළා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මට්ටමක්කුලිය පොලීසිය සහ විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි කියා සිටියේ.

Update :- Monday, June 5, 2017 2.37pm
-------------------------------------------------

මට්ටක්කුලිය - ජුබිලි පාර ප්‍රදේශයේදී අද සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ත්‍රිරෝද රථයකින් යමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මොහුට මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මියගිය පුද්ගලයා මට්ටක්කුලිය, සමිත්පුර ප්‍රදේශයේ පදිංචි ගයාන් ජීවන්ත නොහොත් ඉසුරු නමැති 24 හැවිරිදි දෙදරු පියෙකු බව සඳහන්.

වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ දරුවෙකුද ත්‍රිරෝද රථය තුළ සිට ඇති බවට වාර්තාවනවා.

වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

මේ අතර පසුගිය වසරේදී එම ප්‍රදේශයේම සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 05 දෙනෙක් මිය ගියා.









Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories