Update ; රට වෙනුවෙන් හිරු, සහන යාත්‍රා ක්‍රියාන්විතයේ 9 වන ආධාර තොගයත් බෙදා හැරීම ඇරඹේ

Monday, 05 June 2017 - 14:14

Update+%3B+%E0%B6%BB%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94%2C+%E0%B7%83%E0%B7%84%E0%B6%B1+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+9+%E0%B7%80%E0%B6%B1+%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
දිවයිනේ ප්‍රදේශ රැසකට බලපෑ ආපදා තත්ත්වයෙන් විපතට පත් අපේම සහෝදර ජනතාවට සහන සැලසීම අරමුණු කරගනිමින් රට වෙනුවෙන් හිරු, හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයේ 9 වන ආධාර තොගය රත්නපුර දිස්ත්‍රික්කයේ විපතට පත් ජනතාව වෙත බෙදාදීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව ප්‍රථමයෙන් රත්නපුර - කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත අදාළ ද්‍රව්‍යමය ආධාර ලබාදුන්නා.

ඉන් අනතුරුව රට වෙනුවෙන් හිරු, හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයෙන් ලද ආධාර රැගෙන ගියේ අයගම ප්‍රදේශීය ලේකම් කාර්යාලයටයි.

එමෙන්ම විපතට පත් අපේම සහෝදර ජනතාවට සහන සැලසීම අරමුණින් රට වෙනුවෙන් හිරු, සහන යාත්‍රා ක්‍රියාන්විතයේ තවත්  පියවරක් වන රට වෙනුවෙන් හිරු සෞඛ්‍ය ක්‍රියාන්විතය ද අද 4 වන දිනටත් ක්‍රියාත්මක වුණා.

ඒ, කඩුවෙල - වැලිහිඳ සරණංකර විහාරස්ථානයේදියි. එම විහාරස්ථානයට ආපදාවට ලක්වූ ජනතාව විශාල වශයෙන් පැමිණි බවයි හිරු මාණ්ඩලික වාර්තාකරු කියා සිටියේ.

රත්නපුර - කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත අදාළ ද්‍රව්‍යමය ආධාර ලබාදුන් අවස්ථාව පහතින්.




ආධාර රැගත් රථ පෙළ  අයගම ප්‍රදේශීය ලේකම් කාර්යාලයට ලඟා වූ අවස්ථාව පහතින්.




Update ; Monday, June 5, 2017 16.28
-----------------------------------------------




ආපදා තත්ත්වයෙන් විපතට පත් අපේම සහෝදර ජනතාවට සහන සැලසීම අරමුණු කරගනිමින් රට වෙනුවෙන් හිරු, හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයේ තවත්  පියවරක් වන රට වෙනුවෙන් හිරු සෞඛ්‍ය ක්‍රියාන්විතය අද 4 වන දිනටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

ඒ කඩුවෙල - වැලිහිඳ පුරාණ විහාරස්ථානයේදියි.  

මේ වනවිටත් එම විහාරස්ථානයට ආපදාවට ලක්වූ ජනතාව විශාල වශයෙන් පැමිණෙමින් සිටින බවයි එහි සිටින හිරු මාණ්ඩලික වාර්තාකරු කියා සිටියේ.

මේ අතර, කඩුවෙල - පහළ බෝමිරිය - වැලිහිඳ ප්‍රදේශයේ අවතැන් වූ පිරිස් වෙත රට වෙනුවෙන් හිරු, හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයෙන් රැගෙන ගිය භාණ්ඩ බෙදා දීම ද මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඊයේ දිනයේදී වැල්ලම්පිටිය - කොටුවිල ගාමිණී මහා විද්‍යාලයේ සහ ගාල්ල - නෙළුව නැගෙනහිර ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් මෙම සෞඛ්‍ය ක්‍රියාන්විතය සිදු කෙරුණා.

ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය සමඟ එක්ව ක්‍රියාත්මක කරන මෙම සෞඛ්‍ය ක්‍රියාන්විතයට විපතට පත් ජනතාව විශාල වශයෙන් පැමිණීම විශේෂත්වයක්.  

රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයේ 9 වන ආධාර තොගයත් බෙදා හැරේ

ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම අරමුණු කරගනිමින් රට වෙනුවෙන් හිරු, හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයේ 9 වන ආධාර තොගය අද රත්නපුර දිස්ත්‍රික්කයේ විපතට පත් ජනතාව වෙත බෙදාදීම ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ප්‍රථමයෙන් රත්නපුර - කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත අදාළ ද්‍රව්‍යමය ආධාර ලබාදුන් බවයි එහි සිටින හිරු විශේෂ නියෝජිත ගීත් මධුශංක සඳහන් කළේ.  

කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාණ්ඩ භාරදෙන අවස්ථාව පහතින්.





Monday, June 5, 2017 16.28
-----------------------------------------------


ආපදා තත්ත්වයෙන් විපතට පත් අපේම සහෝදර ජනතාවට සහන සැලසීම අරමුණු කරගනිමින් "රට වෙනුවෙන් හිරු", හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයේ තවත්  පියවරක් වන රට වෙනුවෙන් හිරු සෞඛ්‍ය ක්‍රියාන්විතය අද 4 වන දිනටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

ඒ කඩුවෙල - වැලිහිඳ පුරාණ විහාරස්ථානයේදියි.

මේ වනවිටත් එම විහාරස්ථානයට ආපදාවට ලක්වූ ජනතාව විශාල වශයෙන් පැමිණෙමින් සිටින බවයි එහි සිටින හිරු මාණ්ඩලික වාර්තාකරු තීක්ෂන පටබැඳිගේ කියා සිටියේ.

ඊයේ දිනයේදී  වැල්ලම්පිටිය - කොටුවිල ගාමිණී මහා විද්‍යාලයේ සහ ගාල්ල - නෙළුව නැගෙනහිර ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් මෙම සෞඛ්‍ය ක්‍රියාන්විතය සිදු කෙරුණා.

ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය සමඟ එක්ව ක්‍රියාත්මක කරන මෙම සෞඛ්‍ය ක්‍රියාන්විතයට විපතට පත් ජනතාව විශාල වශයෙන් පැමිණීම විශේෂත්වයක්.

එමෙන්ම කරාපිටිය වෛද්‍ය පීඨයේ අවසන් වසරේ සිසුන් ද රට වෙනුවෙන් හිරු, සෞඛ්‍ය ක්‍රියාන්විතයට එක්ව විපතට පත් ජනතාව වෙනුවෙන් වෛද්‍ය සේවා ලබාදීම සිදුකරනු ලබනවා.

රට වෙනුවෙන් හිරු, හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය අද ක්‍රියාත්මක වන්නේ රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින්.

ඒ අනුව ඊට ලැබුණු 9 වන ආධාර තොගය රැගත් විශේෂ රථ අද උදෑසන රත්නපුර බලා ගමන් ආරම්භ කළා.  

හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයේ 08වන ආධාර තොගය ඊයේ ගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම, ගල්අන්දල සහ නෙළුව ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයක විපතට පත් ජනතාව වෙත බෙදා දුන්නා.

එමෙන්ම හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයේ 6 වන සහ 7 වන ආධාර තොග අප ලබාදුන්නේ ආපදා හේතුවෙන් විපතට පත් මාතර දිස්ත්‍රික්කයේ පීඩාවට පත් ජනතාව වෙතයි.   

පිහිටක් අවැසි මොහොතක පීඩාවට පත් අපේම ජනතාව වෙනුවෙන් හිරු ටී.වී. සහ හිරු එෆ්.එම්. ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය ඉදිරියටත් කැපවී සිටින බව අප සිහිපත් කරන්නේ නිහතමානීවයි.









Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories