වාහන සහන සහ ලීසිං සීමාවල වෙනසක්

Tuesday, 06 June 2017 - 19:05

%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B7%83%E0%B7%84%E0%B6%B1+%E0%B7%83%E0%B7%84+%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%82+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%BD+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
ජ්‍යෙෂ්ඨ විධායක මට්ටමේ පරිපාලන කළමනාකරණ සහ වෘත්තිය තනතුරුවල නිරත රාජ්‍ය සේවකයන්ට සහනදායී පදනම මත මෝටර් රථ ආනයනය කිරීමේදි සහන ලබාදීමට අදාළ රෙගුලාසිවල වෙනසක් සිදුකර තිබෙනවා.

ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ මහා භාණ්ඩාගාර සහ මුදල් අමාත්‍යාංශ ලේකම් ආර්.එච්.එස්. සමරතුංගගේ අත්සනින්.

ඒ අනුව ඇමරිකානු ඩොලර් 25000 වාහන සඳහා පැවති බදු සහනය සියයට 65 දක්වා ඉහළ දමා තිබෙනවා.

එම අගයට වැඩි ඇමරිකානු ඩොලර් 30 000 ට අඩු වාහන සඳහා වන බදු සහනය සියයට 60 ක් වන අතර, සහනදායී බලපත්‍ර මත ලබාගන්නා මෝටර්  රථයක පළමු ලියාපදිංචිය බලපත්‍රලාභියා නමින් පමණක් සිදුකළ යුතුයි.

ඊට අමතරව තවත් රෙගුලාසි කිහිපයක් අදාළ චක්‍රලේඛයේ දැක්වෙනවා.

මේ අතර සියයට 50 ක්ව පැවති ආසන 33 ට අඩු බස් රථ සඳහා වන ලීසිං ණය සීමාව සියයට 90 දක්වා වැඩිකර ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා.

එසේම සියයට 50 අගයේ පැවති කුඩා ලොරි රථ සඳහා වන ණය සීමාවද සියයට 70 දක්වා ඉහළ දමා ඇති බවයි එම සංගමය සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories