පරිත්‍යාගශීලීත්වය ගැන ජනපති පහදයි

Wednesday, 07 June 2017 - 11:49

%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%81%E0%B7%93%E0%B6%BD%E0%B7%93%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%84%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
පරිත්‍යාගශීලීත්වයෙන් සහ මිනිස් කමෙන් මෙරට ජනතාවගේ හදවත් පොහොසත් වී ඇත්තේ බෞද්ධ දර්ශනය මත පදනම් වූ සමාජ වටපිටාව නිසා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ පූජ්‍ය බෙන්තර ජිනානන්ද හිමියන්ට ගාලු කෝරලයේ ප්‍රධාන සංඝනායක ධුරය පිළිබඳ සන්නස් පත්‍රය ප්‍රදානය කිරීම සහ උන්වහන්සේ වැඩවෙසෙන බෙන්තර උඩකොටුව බෝධි සමීප රජමහා විහාරයේ අභිනවයෙන් ඉදිකළ බුද්ධ ප්‍රතිමා වහන්සේ විවෘත කිරීමේ උත්සවයට ඊයේ එක්වෙමින්.

පසුගියදා ඇතිවූ ව්‍යසනයේදී සියලුදෙනා එක්ව කටයුතු කළේ බෞද්ධ දර්ශනය මත පදනම් වූ උතුම් මානුෂීය ගුණාංගවලින් ජනතා සිත් පොහොසත්ව තිබූ නිසා බවද ජනාධිපතිවරයා සඳහන් කළා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories