හිරු සෞඛ්‍ය ක්‍රියාන්විතය අද කළුතරට

Thursday, 08 June 2017 - 7:38

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF++%E0%B6%9A%E0%B7%85%E0%B7%94%E0%B6%AD%E0%B6%BB%E0%B6%A7
රට වෙනුවෙන් හිරු සෞඛ්‍ය ක්‍රියාන්විතයේ හත්වන අදියර අද ක්‍රියාත්මක වන්නේ කළුතර - අඟුරුවාතොට - උඩුවර - උක්කල්ල - ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේදීයි.  

මේ අතර රත්නපුර - ඇලපාත - දෙරළබඩ - ශ්‍රී මුචලින්දාරාම ධම්මේ විහාරය කේන්ද්‍ර කරගනිමින් සහ ගාල්ල - නාගොඩ - කැටගොඩ උතුර හා දකුණ ග්‍රාමසේවා වසම් කේන්ද්‍ර කරගනිමින් ඊයේ හිරු සෞඛ්‍ය ක්‍රියාන්විතය පැවැත්වුණා.  

මේ අතර, ආපදා තත්ත්වයෙන් විපතට පත් සහෝදර ජනතාවට සහන සැලසීම අරමුණු කරගනිමින් ආරම්භ කළ රට වෙනුවෙන් හිරු, සහන යාත්‍රා ක්‍රියාන්විතයේ 11 වන ආධාර තොගය කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල විපතට පත් ජනතාවට ඊයේ බෙදා දුන්නා. තවදුරටත් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය යටතේ ආධාර බෙදාදීමට ආසියානු මාධ්‍ය ජාලය සූදානම්.  


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories