මාස 7 ක් වයසැති තම දරුවා ඝාතනය කළ මවක් අත්අඩංගුවට

Friday, 09 June 2017 - 9:06

%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+7+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%BA%E0%B7%83%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%AD%E0%B6%B8+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B8%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මාස 7 ක් වයසැති තම කුඩා බිළිදිය ඝාතනය කළ බව කියන මවක් මාතර - හක්මන - දෙනගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සදහන් කළේ අදාළ කාන්තාව සිය නිවස තුළදී දරුවාගේ ගෙළ සිරකොට ඊයේ මෙලෙස ඝාතනය කර ඇති බවට වාර්තා වන බවයි.

ඝාතනය සිදුවන අවස්ථාවේදී නිවසෙහි කිසිවෙකුත් නොසිට ඇති බව සදහන්.

පසුව සැමියා නිවසට පැමිණ දරුවා පිළිබඳව විමසූ අවස්ථාවේදී ඇය විසින් ඝාතනය සිදුකර ඇති බවට අනාවරණ වී තිබෙනවා.

පොලිසිය සිදුකරන ලද විමර්ශනයකදී අනාවරණ වී ඇත්තේ ඇය කිසියම් මානසික ආබාධයකින් ද පෙලෙන බවටයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories