විදේශ ප්‍රතිපත්තිය වෙනස් නොකරන බව කටාරය කියයි

Friday, 09 June 2017 - 9:09

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%9A%E0%B6%A7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
සෞදි අරාබිය ඇතුලූ රටවලින් එල්ල වන පීඩනය හමුවේ තම විදේශ ප්‍රතිපත්තිය වෙනස් කිරීමට සූදානම් නොමැති බව කටාරය පවසනවා.

සෞදි අරාබිය, ඊජිප්තුව, එක්සත් අරාබි එමීරය ඇතුලූ රටවල් කටාර් රාජ්‍යය සමග සබදතා අත්හරිනු ලැබූයේ ඔවුන් ත්‍රස්තවාදීන්ට සහය වන බව පවසමින්.

කෙසේ නමුත්, එම චෝදනා පදනම් විරහිත බව පවසන කටාර් විදේශ අමාත්‍යවරයා අවධාරණය කළේ පීඩනය හමුවේ යටත් වීමට තම රට සූදානම් නොමැති බවයි.

එමෙන්ම, සම්බාධක පනවා රට හුදකලා කර ඇති  අවස්ථාවක ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ආරාධනා කළ පරිදි ධවල මන්දිරයේ සාකච්ඡාවක් සදහා පිටව යා නොහැකි බවත්, කටාරයේ ෂෙයික් ටමීම් බින් හමාඩ් අල් තානි එමීර්වරයා ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර, කටාර් රාජ්‍ය සමග සබදතා පවත්වන පුද්ගලයන් 59 දෙනෙකු සහ සංවිධාන 12 ක් සෞදි අරාබිය ඇතුළු සන්ධානය විසින් ත්‍රස්තවාදීන් ලෙස නම් කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories