තද සුළං ගැන කාලගුණයෙන් නිවේදනයක්

Friday, 09 June 2017 - 13:00

%E0%B6%AD%E0%B6%AF+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%82+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 60 ත් 70 ත් පමණ දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඉදිරි පැය 24 සඳහා නිවේදනයක් නිකුත් කරමින් දෙපාර්තමේන්තුව සඳහන් කළේ සුළං තත්වය හමුවේ මෙම මුහුදු ප්‍රදේශ විටින් විට රලු විය හැකි බවයි.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 50 දක්වා වැඩිවිය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ ද විටින් විට තරමක් රලු විය හැකියි.

මේ පිළිබඳ විමසිලිමත් වන ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.

එමෙන්ම උතුරු පළාත හැර දිවයින හරහා විටින් විට පැයට කිලෝමීටර් 50 ක් පමණ දක්වා තරමක් තද සුළං ඇතිවිය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල / දකුණ / වයඹ / බස්නාහිර / සහ නැගෙනහිර පළාත්වල මෙන්ම මාතලේ / බදුල්ල / අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලට මෙම සුළං තත්වය බලාපොරොත්තු විය හැකි බවයි දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මේ අතර දිස්ත්‍රික්ක 7ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ නාය යාමේ අවදානම තවත් පැය 24කින් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

අද පස්වරු 2 සිට හෙට පස්වරු 2 දක්වා රත්නපුරය, කෑගල්ල, ගාල්ල, කළුතර, මාතර, හම්බන්තොට සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට අදාළවයි එම නිවේදනය නිකුත් කර ඇත්තේ.

අඛණ්ඩව වර්ෂාව පැවතුණහොත් නාය යාම් සහ කණ්ඩි කඩා වැටීම් පිළිබදව දැඩි අවදානයෙන් පසුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ඉල්ලීමක් කරනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories