නාය යාම් අවදානම තවදුරටත්

Friday, 09 June 2017 - 19:03

%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A
වැසි තත්ත්වය අඩු වුවත් දිස්ත්‍රික්ක 7ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ නාය යාමේ අවදානම තවත් පැය 24කින් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

අද පස්වරු 2 සිට හෙට පස්වරු 2 දක්වා රත්නපුර, කෑගල්ල, ගාල්ල, කළුතර, මාතර, හම්බන්තොට සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට අදාළවයි එම නිවේදනය නිකුත් කර ඇත්තේ.

අඛණ්ඩව වර්ෂාව පැවතුණහොත් නාය යාම් සහ කණ්ඩි කඩා වැටීම් පිළිබදව දැඩි අවදානයෙන් පසුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ඉල්ලීමක් කරනවා.

මේ අතර, ගං වතුරෙන් සහ නාය යාම්වලින් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 2ක ප්‍රදානයක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟත්වය පළ කර තිබෙනවා.

ඊට අදාළ ගිවිසුම අද දිනයේදී අත්සන් තැබුවේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග සහ ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන් එහි ශ්‍රී ලංකාවේ නේවාසික කාර්යාල ප්‍රධානී ටාඩාටේරෝ හයාෂි විසින්.

දිවයින හරහා විටින් විට තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories