වැසි වැටුණත් ජල විදුලි නිෂ්පාදනය අර්බුදයක

Saturday, 10 June 2017 - 12:35

%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%AB%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BD+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A
පසුගිය දිනවල ප්‍රදේශ කිහිපයකට අධික වැසි ඇද හැලුනද විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවලට ප්‍රමාණවත් පරිදි වැසි නොලැබුණු බව විදුලිබල අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව ජල විදුලි නිෂ්පාදනය තවදුරටත් අභියෝගාත්මක මට්ටමක පවතින බවයි එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

බොහෝ බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම පවතින්නේ තවමත් සියයට 40 ටත් වඩා අඩුවෙන්.

මෙම තත්වය තුළ සමස්ත විදුලි නිෂ්පාදනයෙන් සියයට 75 ක් මේ වනවිට සපුරනු ලබන්නේ තාප බලාගාර මඟින්.

විදුලිබල අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ වඩාත් අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කරන ලෙසයි.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories