පළාත් කිහිපයකට බලපා ඇති නියඟය ඔක්තෝම්බර් වනතුරු - මුහුද අදත් රළු වෙයි

Sunday, 11 June 2017 - 7:49

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%8F+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%9F%E0%B6%BA+%E0%B6%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+-+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%85%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
නිරිත දිග මෝසම අවසන් වනතුරු ඉදිරි මාස 5 ක කාලය ඇතුළත උතුර, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලට පවතින නියං කාලගුණය වෙනසක් සිදුනොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂක අතුල කරුණානායක කියා සිටියේ ඉදිරියේදී දිවයිනට බලපාන අන්තර් මෝසම් තත්ත්වයකින් එම පළාත්වලට ඇතැම් විට වැසි ඇතිවිය හැකි බවයි.

පවතින නියං කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 11 කට අයත් පවුල් දෙලක්ෂ 43,683 කට අයත් පුද්ගලයින් අට ලක්ෂ 49,752 ක් පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.

ඒ අනුව, ත්‍රිකුණාමලය, අම්පාර, මඩකලපුව, යාපනය, මුලතිව්, කිලිනොච්චිය, වව්නියාව, මන්නාරම, කුරුණෑගල, පුත්තලම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ජනතාව වියළි කාලගුණ තත්ත්වයෙන් මෙලෙස පීඩාවට පත්ව සිටිනවා.   

දිවයින වටා මුහුද අද දිනයේද රළු ස්වභාවයක් ගත හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

පුත්තලම සිට මන්නාරම දක්වා සහ කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වාත්, මාතර සිට පොතුවිල් දක්වාත් මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර 70 ඉක්මවූ තද සුළං පැවතිය හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න කියා සිටියේ.

මේ හේතුවෙන් ධීවර සහ නාවික ප්‍රජාව අවධානයෙන් පසුවිය යුතු බවද ඔහු සඳහන් කළා.

එමෙන්ම අද දිනයේදී බස්නාහිර / සබරගමුව / මධ්‍යම / දකුණ සහ වයඹ පළාත්වල සිහින් වැසි ඇති වනවා.

අනෙක් පළාත්වල ප්‍රධාන  වශයෙන් වැසි රහිත කාලගුණික තත්වයකුයි පවතින්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories