පිළියන්දලදී පොලීසියට වෙඩි තැබීමේ සිද්ධියට කැකිරාවේදී ඇල්ලු සැකකරු රිමාන්ඩ්

Monday, 12 June 2017 - 9:58

%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%94+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
පිළියන්දලදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබලදීමේ චෝදනාවට කැකිරාව බස් නැවතුම්පලේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා මේ මස 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත්වරයා හමුවට ඊයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එදිනට ඔහු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

පෙරේදා අත්අඩංගුවට ගත් 49 හැවිරිදි රඹුක්කන ප්‍රදේශයේ පදිංචි සැකකරු මෙම වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවන් පැමිණි යතුරුපැදිය මිලදීගත් පුද්ගලයා බවටයි අනාවරණ වී ඇත්තේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අලුත්ගම - දර්ගා නගරයේදී පසුගිය හත්වනදා දෙදෙනෙකු අත්අඩංගුවට ගත් අතර, ඔවුන් මේ මස 16 වනදා දක්වා පසුව රක්ෂිත බන්ධනාගාර කෙරුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories