හිටපු ජනපතිගේ රියදුරෙකු අත්අඩංගුවට

Tuesday, 13 June 2017 - 17:48

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රියදුරෙකු ලෙස කටයුතු කළ කපිතාන් තිස්ස විමලසේන නැමැත්තා පොලිස් මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දිමට අද පෙරවරුවේ පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණි අවස්ථාවේදි, මෙලෙස ඔහු අත්අඩංගුවට ගත් බවයි එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කලේ.

සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද පස්වරුවේ ඉදිරිපත් කර ඇති අතර ඔහු ලබන 27 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර නියෝග කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories