නිවසකින් රන් භාණ්ඩ සහ මුදල් සොරාගත් දෙදෙනෙකු අත්අඩංගුවට

Wednesday, 14 June 2017 - 10:08

%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B7%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
පසුගිය 12 වන දින දික්වැල්ල, දෙයියන්ගේ වත්ත ප්‍රදේශයේ නිවසක් බිඳ රන් භාණ්ඩ සහ මුදල් සොරාගත් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 26ක පුද්ගලයෙක් සහ අවුරුදු 43ක කාන්තාවක් බවයි වාර්තා වන්නේ.

පොලිසිය පවසන්නේ ඔවුන් දික්වැල්ල ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි.

මොවුන් දෙදෙනා එක්ව රුපියල් දෙලක්ෂ තිස් එක්දහසක රන් භාණ්ඩ සහ මුදල් සොරා ගෙන ඇති බව සදහන්.

සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව සොරාගන්නා ලද රන් භාණ්ඩ සහ මුදල් වලින් කොටසක් සොයාගෙන තිබෙනවා.

මොවුන් අද (14) මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories