ඥානසාර හිමිගේ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවීම ලබන 22

Wednesday, 14 June 2017 - 10:51

%E0%B6%A5%E0%B7%8F%E0%B6%B1%E0%B7%83%E0%B7%8F%E0%B6%BB+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+22
බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (13) කළ මූලික අයිතිවාසිකම් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා මේ මස 22 කැඳවීමට අධිකරණය අද (14) තීරණය කළා.

ඒ, අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් සහ අනිල් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් යටතේ පෙත්සම අද (14) කැඳවූ අවස්ථාවේදීයි.

තමන් ගැන සිදුකරන පරීක්ෂණ අවසන් වනතුරු හෝ නීතිපති උපදෙස් ලැබෙන තුරු සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය විසින් තමාව අත්අඩංගුවට ගැනීම වලක්වන ලෙසින් නියෝගයක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා  ඥානසාර හිමියන් මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබෙනවා.

මීට අමතරව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණයට පසුගියදා කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා මේ මස 22 කැඳවීමට අධිකරණය ඉකුත් 14 වැනිදා තීරණය කළා.

ඒ, අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් සහ අනිල් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් යටතේ පෙත්සම ඉකුත් 14 වැනිදා කැඳවූ අවස්ථාවේදීයි.

තමන් ගැන සිදුකරන පරීක්ෂණ අවසන් වනතුරු හෝ නීතිපති උපදෙස් ලැබෙන තුරු සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය විසින් තමාව අත්අඩංගුවට ගැනීම වලක්වන ලෙසින් නියෝගයක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා  ඥානසාර හිමියන් මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබුණා.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories