පිළියන්දල වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

Friday, 16 June 2017 - 7:04

%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BD+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
පිළියන්දල ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසකට වෙඩි තැබු සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ පෙරවරුවේ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ මැදිරිගිරිය ප්‍රදේශයේදීයි.

ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 10 ක් ද සොයාගෙන තිබෙනවා.

මිරිහාන විශේෂ අපරාධ විමර්ශණ ඒකකය මගින් අත්අඩංගුවට ගත් සැකකරු මිරිහාන පොලිසියට භාරදී තිබෙනවා.

පසුගිය මැයි මස 9 වනදා මත්ද‍්‍රව්‍ය වැටලීමක් සඳහා ගිය නිලධාරීන්ට එල්ලවු වෙඩි ප්‍රහාරයෙන් පොලිස් නිලධාරියෙකු සහ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි සමාධි රණසිංහ පතිරණ නම් කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්වුනා.

තවත් නිලධාරීන් දෙදෙනෙකු ඇතුලු 4 දෙනෙකු තුවාල ලැබුවා.

මෙම වෙඩි තැබීමට සැකකරුවන් පැමිණි යතුරුපැදිය පදවා ඇත්තේ ඊයේ අත්අඩංගුවට ගත් පුද්ගලයා බවටයි අනාවරණ වී ඇත්තේ.

27 හැවිරිදි මෙම පුද්ගලයා දර්ගා නගරයේ කුරුන්ද පාරේ පදිංචිකරුවෙක් බව සඳහන්. සැකකරු අද මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිසිය කියාසිටියේ.

සුජීව රුවන් කුමාර ද සිල්වා හෙවත් ලොකු පැටියා නමින්ද මෙම සැකකරු හැඳින්වෙනවා.

පාතාල සාමාජිකයෙකු වන මොහු සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන කඹුරුපිටිය මධූෂ්ගේ මත්කුඩු ජාවාරම මෙහෙයවන පුද්ගලයෙකු වන බවයි පොලිසිය සඳහන් කළේ.

එමෙන්ම මෙම සැකකරුට විරුද්ධව අම්බලන්ගොඩ / ඌරගස්මංහන්දිය සහ අහුංගල්ල යන පොලිස් ස්ථාන මගින් පවත්වාගෙන යනු ලබන නඩු කිහිපයක් සඳහා වරෙන්තු නිකුත්වී ඇතැයි ද සඳහන්.

මිරිහාන විශේෂ අපරාධ විමර්ශණ ඒකකය මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශණ මෙහෙයවනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories