මීතොටමුල්ල ඛේදවාචකයට වගකිවයුත්තන්ට දඩුවම් දිය යුතුයි - ඇමති පාඨලී

Friday, 16 June 2017 - 13:26

%E0%B6%B8%E0%B7%93%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%9B%E0%B7%9A%E0%B6%AF%E0%B7%80%E0%B7%8F%E0%B6%A0%E0%B6%9A%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AF%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A8%E0%B6%BD%E0%B7%93
මීතොටමුල්ල කසළ කන්ද නායයෑමට කොළඹ මහ නගර සභාව ඍජුවම වගකිව යුතු බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.

නිකසල පුරවර කසළ කළමනාකරණ ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට කොළඹදී අද එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

මීතොටමුල්ල ඛේදවාචකයට වගකිවයුතු පුද්ගලයින්ට මරණ දඩුවම ලබාදිය යුතු බවත්, ඊට කොළඹ මහ නගර සභාව සහ පළාත් සභාව වගකිව යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

අවස්ථා හතරකදී මීතොටමුල්ලට කුණු බැහැර නොකරන ලෙස දැනුම්දීම් සිදුකර තිබුණත් ඒ ජාවාරමක් ලෙස දිගින් දිගටම සිදුකළ බවයි අමාත්‍ය පාඨලී චම්පික රණවක පෙන්වා දුන්නේ.

මේ අතර, කසල කළමනාකරණය පිළිබඳ කාර්ය සාධන බලකාය සහ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම අද සිදුකෙරුණා.

කොළඹ පදනම් ආයතනයේදී පැවති එම අවස්ථාව සඳහා මැති ඇමතිවරුන් සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් රැසක් එක්ව සිටි බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories