පිළියන්දලදී පොලිසියට වෙඩි තැබූ ලොකු පැටී රඳවාගෙන ප්‍රශ්න කෙරේ (ඡායාරූප)

Friday, 16 June 2017 - 14:59

%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%BB%E0%B6%B3%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
පිලියන්දලදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මැදිරිගිරියේදී අත්අඩංගුවට ගත් යතුරු පැදිය පැදවූ ප්‍රධාන සැකකරු වන "ලොකු පැටී" නැමැත්තා දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මතුගම අතිරේක මහේස්ත්‍රාත්, මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකයට අද(16) අවසර දුන්නා.

ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව මත් ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් තිබුණා.

මේ අතර සිද්ධියට අත්අඩංගුවට ගෙන සිටින අනෙක් සැකකරුවන් 7 දෙනා කැස්බෑව වැඩ බලන මහේස්ත්‍රාත්වරිය වෙත අද(16) ඉදිරිපත් කළ අතර ඔවුන් 6/30 දක්වා රිමාන්ඩ් කළා.

හඳුනාගැනීමේ පෙරට්ටුවේ දී ඉන් එක සැකකරුවකු " මාකඳුරේ ධනුෂ් " නමැති පාතාල නායකයාගේ කුඩු ජාවරම්කරුගේ මුදල් අයකැමි බව යතුරු පැදි අලෙවි සැලේ හිමිකරු විසින් හඳුනාගෙන තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ කණ්ඩායමකට පසුගිය මැයි මස 9 වන දා රාත්‍රියේ එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් පොලිස් නිලධාරියෙකු සහ කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්වුණා.



ඡායාරූප - අගලවත්ත ධනුෂ්ක ලංකා නානායක්කාර


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories