පූනරීන් - සංගපිටියෙන් සහ මන්නාරමේ - සිලාවතුරෙන් ගංජා අත්අඩංගුවට

Saturday, 17 June 2017 - 9:15

%E0%B6%B4%E0%B7%96%E0%B6%B1%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+-+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%9A+-+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
පූනරීන් - සංගුපිටිය පාලම අසළ දී බෝට්ටුවකින් රැගෙන ආ කේරළ ගංජා කිලෝග්‍රෑම් 248ක් පොලීසිය විසින් අද අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ගංජා තොගය මෝටර් රථයකට පැටවීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස් නිලධාරීන් පැමිණෙන විට සැකකරුවන් පළා ගොස් ඇති බව සදහන්.

මේ අතර, මන්නාරම - සිලාවතුර - කරඩික්කුලි ප්‍රදේශයේ මුහුදු වෙරළ ආසන්නයේදී ගංජා කිලෝග්‍රෑම් 141ක් සමඟ සැකකරුවෙකු පොලීසිය ඊයේ දහවල් අත්අඩංගුවට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගත් මන්නාරම ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි සැකකරු මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 07ක් රදවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කිරීමට අවසර ලබාදී තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories